Last Updated on June 8, 2021 by Desman Chathuranga
අධිකරණ තින්දු වලට අපහස කිරිම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදීත සමරවික්‍රම මහතාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබේ.නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ Shangri-La හෝටලයේ පැවැත්වූ සාදය සංවිධානය කල ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා අදාළ පැමිණිල්ල ගොනුකර තිබේ.
කොළඹ Shangri-La හෝටලයේ පැවැත්වූ සාදයටසහභාගි වු අමුත්තන්ට අධිකරණය මගින් ලබාදුන් තීන්දු මාධ්‍යවේදී චමුදීත සමරවික්‍රම විසින් අධිකරණයට අපහස වන අකාරයට විවේචනය කල බවයි එම පැමිණිල්ලෙන් පෙන්වා දි ඇත්තේ.
චන්දිමාල් ජයසිංහ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා සදහන් කළේ අදාල පැමිණිල්ල පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකල බවයි. සංචරණ සීමා ඉවත් කල වහාම චමුදිතට එරෙහිව නඩු පැවරිමට කටයුතු කරන බවද ඔහු සදහන් කළා.
මිට අමතරව Truth with Chamuditha නැමති Youtube නාලිකාවේ වැඩසටහන් සදහා සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සහ මුඛ ආවරණ නොපැලදවිම යන චෝදනා මතද චමුදීත සමරවික්‍රම මහතාට එරෙහිව චන්දිමාල් ජයසිංහ මහතා පැමිණිල්ලක් ගොනු කර තිබේ.
මේ අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක වන පියුමි හංසමාලි උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධව මාධ්‍ය මගින් ගොඩනැගූ සංවාදයෙන් පසු දුරකථන මගින් තමාට මරණ තර්ජන එල්ලවී ඇතැයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පොලිස්පතිවරයාට පැමිණිලිකර තිබේ.මෙම තර්ජන සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙසද ඒම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.
[url=http://cheapdrugs.store/#]ed in young men[/url]
generic name for cialis At night, the herds were taken back and during the day they threw stones believing that either it was a dead woman or a mad woman