Last Updated on June 21, 2021 by Desman Chathuranga
වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීම පැහැර හැර ජාතික ආරක්ෂාව අනතුරට පත් කළැයි චෝදනා කරමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු එම ඒකකයේ වගකිව යුත්තන්ට එරෙහිව පොලිස්පතිවරයා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් වි තිබේ.
එම පැමිණිල්ල සිදුකර ඇත්තේ නිතීඥ අරුණ ලක්සිරි උණවටුණ මහතා විසිනි.
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු රජයේ නිලධාරීන් කොරෝනා ආසාදිතව මියගිය අයගේ යැයි කියන සංඛ්‍යා ලේඛණ වැරදියට දක්වා සහ වෙනස් කර දක්වා ජන ජීවිතය පවත්වාගෙන යාම අනතුරට පත් කිරිම, කොරෝනා රෝගය සම්බන්ධයෙන් ඇතුලූ ජනතාවට සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීම සහ ජාතික ආරක්ෂාව අනතුරට පත්කිරීමෙන් දණ්ඩ නිති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ වැරදි කර ඇති බවට එම පැමිණීල්ලෙන් දක්වා තිබේ.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර නිතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් එලෙස මිය ගිය අය සත්‍ය වශයෙන්ම කොරෝනා වයිරසයෙන් මිය ගිය අය ද යන්න සහ ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ නිවැරදි ඒවාද යන්න විමසා බලමින් මෙම පරීක්ෂණය මෙහෙවන ලෙසට කරන ලෙසටද එම පැමිණීල්ලෙන් ඉල්ලා තිබේ.
[url=http://cheapdrugs.store/#]natural drugs for ed[/url]
clomid for sale clomid clomid for sale