counter hit xanga
November 28, 2022

සුළු පක්ෂ වලට එරෙහිව කුමන්ත්‍රණයක්! Video

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධව සිටින සෙසු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීම එම් කුමන්ත්‍රණයේ අරමුණ බවයි.

Last Updated on June 20, 2021 by Panduka Herath

සුළු පක්‍ෂ කැබිනෙට්ටුවෙන් හා ආණ්ඩුවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව තුළ ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ SLFP මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරය කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධව සිටින සෙසු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීම එම් කුමන්ත්‍රණයේ අරමුණ බවයි.

ආණ්ඩුව බිහි කිරීමට ශක්තිය දුන් පක්ෂ නායකයන් කැබිනෙට්ටුවෙන් ඉවත් කිරීමට එම පක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීමට සැලසුමක් සැලසුමක් ඇතැයි ද පැවසූ ඔහු මෙයාකාරයට ගියොත් අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම තත්ත්වය අත් බවද පෙන්වා දුන්නේය.

ඉන්ධන මිල වැඩි කරන ලද්දේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ තනි කැමැත්තෙන් නොවන බවත් ආණ්ඩුවේ තීරණයක් බවද කී ඔහු ඔහුට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය මෙම ආණ්ඩුවේ දෙපාර්ශවයක් අතර ඇති මතයෙන් භේදය වාසි ලබාගැනීම සඳහා විපක්ෂයේ සැලසුමක් යයි තව දුරටත් කියා සිටියේය.