counter hit xanga

Covid මරණ වාර්තා කිරිම පසුපස කුමන්ත්‍රණයක්!

වාර්තා වු මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ෂණයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිවරයා එහිදි දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර සිටියා.

Last Updated on June 19, 2021 by Desman Chathuranga

ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගත් බව ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළා.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා කොරෝනා මරණ වාර්තා කිරිමේ වැරදි සම්බන්ධයෙන් නිළධාරීන්ට පෙන්වා දුන්නා.

වාර්තා වු මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ෂණයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිවරයා එහිදි දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර සිටියා.

එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය විය. ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගැනිණ. ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනපති පෙන්වා දුන්නා. දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බව ජනපති අවධාරණය කර සිටියා.

එමඅවස්ථාවේ සංවාදයට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා කුමන්ත්‍රණයක් දියත් වන බවයි අනාවරණය කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කි කතාව අහන්න