counter hit xanga
October 22, 2021

සහල් ගෙන්විම පසුපස කුමන්ත්‍රණයක්!

මේ දවස්වල ලොකුම කතාබහ තමයි රසායනික පොහොර දාන්න එපා පිළිකා ඇතිවෙනවා වකුගඩු රෝග ඇති වෙනවා කියලා. ඒකේ සත්‍යතාවක් ඇති. මේ ගේන හාල් කාබනික ද?

Last Updated on June 23, 2021 by Panduka Herath

යල කන්නයේ වී අස්වැන්න තුට්ටු දෙකට මහ මෝල්ලුන්ගේ ගබඩාවලට ලබාදීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේන බව එක්සත් සහල් නිෂ්පාදිතයින්ගේ සංගමයේ සභාපති කුසුමිත මුදිත් පෙරේරා මහතා පෙන්වා දෙනවා.

සහල් වෙළඳපල පාළනය කිරීම සදහා රජය මෙතෙක් දරපු උත්සාහයන් හා ගැසට් නිවේදන 7 ම පුස්සක් බවත් යල කන්නයේ වී ටික වෙළදපළට පැමිණෙන්නට ඔන්න මෙන්න කියා තිබිය දී සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීම සදහා රජය සුදානම් වන බවයි ඔහු අවධාරණය කරන්නේ.

“ඊයේ අපි දකිනවා නිවේදනයක් වෙළද අමාත්‍යංශය වෙනුවෙන් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීම සදහා මිලගණන් කැදවලා තියෙනවා. මෙහි සදහන් වෙනවා මෙම සහල් තොගය ආනයනය කරලා වේයන්ගොඩ ගබඩාවේ ආරක්ෂිත සහල් තොගයක් ලෙස ගබඩා කර තබා ගන්නයි යන්නේ. ඇයි මේ සහල් තොග ගෙන්වන්නේ.මේ එලි දකින්නේ රජය සහල්වලට ගහපු ගැසට් නිවේදන හා වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල පාස් ද ෆේල් ද කියන එක තමයි මේ අභිලාෂ කැදවීමේ ලේඛනයෙන් පේන්නේ. රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලත් රජය සහල්වලට ගහපු ගැසට්වල සාර්ථක අසාර්ථක බවත් නොවෙයි ද? දැන් හිටි හැටියේ ඇයි මේ සහල් ගෙන්වන්නේ?

වෙළඳපොලේ පවතින සහල් මිල පාලනය කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (21) රාත්‍රියේ තීරණය කල අතර වෙළඳපොළේ මේ දිනවල සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම සහල් තොගය වහාම ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කර තිබුනා.

ආනයනය කරනු ලබන සහල් සතොස සහ සමුපකාර වෙළඳ සැල් හරහා කිලෝව රුපියල් 100 ට අඩුවෙන් ලබා දීමට නියමිතයි.

එක්සත් සහල් නිෂ්පාදිතයින්ගේ සංගමයේ සභාපති කුසුමිත මුදිත් පෙරේරා මහතා

“පසුගිය කන්නයේ රටේ වී අස්වැන්න ඉලක්ක ගත අස්වැන්න සම්පූර්ණයෙන් ම ලැබුණා. යල කන්නයේ අස්වැන්නත් දැන් බලාපොරොත්තු වූ අස්වැන්න ලැබෙමින් පවතිනවා. පොහොර පිළිබද ප්‍රශ්නය යම් තරමකට බලපෑවත් දැන් උතුරේ අස්වනු නෙලීම ආරම්භ කරලා රටට අවශ්‍ය සහල් නිෂ්පාදනය ලබන මාර්තු වෙන තෙක් ප්‍රමාණවත් පරිදි රට තුළ පවතිවා.”

“ආහාර දෙපාර්තමේන්තුව මේ පොන්නි සම්බා ගෙන්වන්න තීරණය කළේ රටේ සහල් මිල පාළනය කිරීම සදහා කියලා කියනවා. වෙළදපල පාලනය පිළිබදව ගහපු ගැසට් නිවේදන රජයේ වී මිලදී ගැනීම් කියන වැඩසටහන් සමාලෝචනය කරන්නේ නැතුව මේ දරන උත්සාහය පළ රහිතයි කියලා තමයි අපි සහල් නිෂ්පාදකයින් විදිහට කියන්නේ. ගහපු ගැසට් නිවේදන 7 ටම අත් වෙච්ච ඉරණම ම තමයි මේ ගෙන්වන සහල් තොගයටත් වෙන්නේ. මේ තුළ තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.”

“දැන් උතුරේත් නැගෙනහිරත් වී අස්වනු නෙලීම ආරම්භ වෙලා තියෙන්නේ.එහෙම තියෙද්දිම මේ ඉන්දියාවෙන් පොන්නි සම්බා ගේන්නේ ඇයි. ගොවියෝ බය වෙනවා අන්න පොන්නි එනවා වී මිල බහියි. කියලා හිතලා තුට්ටු දෙකට අර මහා මෝල්ලු සෙට් එකට වී ටික ඩැහැගන්න කුමන්ත්‍රණයක් තමයි මේ සිද්ධ වෙන්නේ.”

මේ වෙලාවේ මේ පිටරටින් හාල් ගෙන්නවන ටෙන්ඩර් එක දාලා යල කන්නයේ වී ටික තුට්ටු දෙකට මහ මෝල්ලුන්ගේ ගබඩාවලට දාන්න තමයි මේ වැඩේ කරන්නේ. ඊළගට මේ දවස්වල ලොකුම කතාබහ තමයි රසායනික පොහොර දාන්න එපා පිළිකා ඇතිවෙනවා වකුගඩු රෝග ඇති වෙනවා කියලා. ඒකේ සත්‍යතාවක් ඇති. මේ ගේන හාල් කාබනික ද?

“මේ ටෙන්ඩර් පත්‍රිකාවේ ආහාර කොමසාරිස්තුමිය සදහන් කරනවා 9 වෙනි කරුණ විදිහට අදාළ ඉල්ලුම්කරුවන් අදාළ සහල්වල ප්‍රමිතිය, රට, වර්ගය ආදිය ටෙන්ඩර් කරු විසින් ඉදිරිපත් කරන්න ඕන කියලා. ඒ කියන්නේ රජය මේ ගෙන්වන සහල්වල ප්‍රමිතිය ගැන කිසි දෙයක් සදහන් කරන්නේ නෑ.අඩුම තරමේ කැඩුණු සහල් ප්‍රතිශතයවත් දක්වන්නේ නෑ.ඕන එකක් ගේන්න එහි ප්‍රමිතිය අපට කියන්න කියලා මේ කියන්නේ.මේ හාල්වල බැරලෝහ කොපමණ ද විෂ රසායන මොනාද කිසි දු සදහනක් නෑ.ඒක ටෙන්ඩර්කරුට කියනවා ඔයා කියන්න කියලා.”

“අවසාන වශයෙන් මේ රටට සහල් ආනයනය කළේ 2017 වසරේ. අන්තිමට ආනයනය කළ සහල්වල ඉන්දියාවෙන් ආව හාල්වල දින බැලුවාම 2017 ඉදලා 2019 දක්වා කල් තියා ගන්න පුළුවන් කියලා තියෙනවා. එච්චර කාලයක් සහල් කල් තියාගන්න පුලුවන් ද? මෙච්චර කල් තියා ගන්න ගුප්ත දේවල් මොනාහරි අරනවාද කෘමි හානි එන්නේ නැද්ද? සාමාන්‍ය කැකුලු හාල් එකක් වුණත් තැම්බූ එකක් වුණත් මාස එකහමාරත් හයත් අතර කෘමි හානි එන එක වලක්වන්න බෑ. ඇයි මේ ඉන්දියාවෙන් එන හාල් එකට අවුරුදු දෙකක්. මේවාට අධික විදිහට පසු අස්වනු කල් තබාගන්න යොදන වස විස තමයි කෘෂී රසායන නිසා තමයි මෙහෙම තියාගන්න පුළුවන්.”