counter hit xanga
March 26, 2023

කෘෂි හා සමුද්‍ර සම්පත් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්ද?

Last Updated on June 2, 2021 by Desman Chathuranga

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හා සමුද්‍ර සම්පත් විනාශ කිරීමට කිසියම් සැලසුම් සහගත ක්‍රියාමාර්ගයක් තිබේද? යන්න සැක සහිත බව නුවරඑළිය දිස්ත්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී හා කඳුරට ජනතා පෙරමුණේ නායක වේළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා සදහන් කළේ වර්තමාන තත්වය තුළ අප පක්ෂග්‍රාහීත්වය අමතක කර සැම දෙනා එක්සත් විය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වේළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා මෙසේද කීය.

“ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හා සමුද්‍ර සම්පත් විනාශ කිරීමට කිසියම් සැලසුම් සහගත ක්‍රියාමාර්ගයක් තිබේද? කියා බරපතල සැකයක් මතු වනවා. අපේ රටේ ආර්ථිකයට දැනට දැඩි ලෙස බලපා ඇති මෙම තත්වය තුළ කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය අපේ ජනතාවගේ ආර්ථිකය හා ජීවනෝපාය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නමුත් අද මෙම අංශ දෙකටම මෙම අයහපත් තත්වය බලපා තිබෙනවා. එක් අතකින් කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර හා පළිබෝධනාශක විශාල හිඟයක් පවතිනවා.මෙම හේතුව නිසා ගොවීන් කෘෂිකර්මාන්තය වගා කිරීමේදී විශාල දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා.”

“එළඹෙන සතිවලදී එළවළු මිළ සීඝ්‍රයෙන් ලෙස ඉහළ යාම වළක්වන්න බෑ. එසේම ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පත් වලට අද වන විට බලපා ඇති අතර එය යථා තත්වයට පත් කිරීමට වසර 20 කට වැඩි කාලයක් ගතවනු ඇතැයි අදාලවල විශේෂඥයින් පවසයි. නැව ගින්ගත් සිද්ධිය හොඳයි කියා ඇමතිවරු කිහිප දෙනෙක් ඉතා බොළඳ දේවල් කතා කරනවා. මෙය සාමාන්‍ය දෙයක් ලෙස අප දකින්නේ නෑ. යමෙකු මෙය කිරීමට සැලසුම් කරන්නේ දැයි මම කල්පනා කරනවා.විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය අපේ රටේ වැදගත්ම අංශ දෙක වනවා.මෙම අංශ ආරක්ෂා කිරීම අපගේ සහ රජයේ ප්‍රධාන වගකීම බව අපි සිතනවා.”

“වර්තමානයේ සෑම රටක්ම අපේ රටේ විවිධ අංශ ක්‍රමානුකූලව අත්පත් කර ගනිමින් සිටීනවා .ඔවුන් උත්සාහ කරන්නේ අපේ ආර්ථිකය පහතට ඇද දමා අපේ රට ඔවුන්ගේ පාලනය යටතේ තබා ගැනීමටද? එබැවින් රජය මෙම කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. අපේ පක්ෂ වෙනස්කම් අමතක කර රටේ ජනතාවගේ යහපත සඳහා එකට වැඩ කළ යුතු කාලයකි. එසේ නොවුවහොත් මේ රටේ බුද්ධාගම පවතිනු ඇත. නමුත් එම බුද්ධාගම අනුගමනය කරන බෞද්ධ, සිංහලයන් නොමැත. ශ්‍රී ලංකා මුස්ලිම්වරුන් නොසිටිනු ඇත. ශ්‍රී ලාංකික ද්‍රවිඩයන්ද නොමැත.”

“නිදහස ලැබීමට පෙර තිබූ ආකාරයටම නැවත වරක් අපේ රට වහල් රටක් බවට පත්වනු ඇත. එවැනි තත්වයක් යළිත් ඇති වුවහොත් දෙමළ, සිංහල හා මුස්ලිම් සියලු දෙනාට එක්සත් වී සටන් කිරීමට සිදු වෙනවා. ඒ නිසා රට මේ වන විට පත්ව තිබෙන අර්භුදයෙන් ගොඩ ගැනීම සඳහා පක්ෂ භේදයෙන් තොරව සියළු දෙනා කටයුතු කළ යුතුයි ”

මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක