counter hit xanga
June 26, 2022

ආන්දෝලනාත්මක Avant Garde නඩුවේ තීන්දුව!

Last Updated on May 22, 2021 by Panduka Herath

පාවෙන අවි ගබඩාවේ නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රි-පුද්ගල මහාධිකරණය ඊයේ (21) තීරණය කළා. පිටු 36 කින් යුත් ඇවන්ගාඩ් නඩු තින්දුවේ සදහන් වන්නේ ශ්‍රි ලංකා රජයට අයත් සහ රාජ්‍ය ආයතනයක් වූ රක්නා ලංකා සමාගමට නීත්‍යානුකූල අවසර පත්‍රයක් අවශ්‍ය නොවන බවයි.

නඩු තීන්දුවේ 22-23 පිටුවෙන් උපුටා ගන්නා ලදී!

එබැවින් MV ඇවන්ට් ගාර්ඩ් නෞකවේ තිබු මෙම චෝදනාවලට අදාළ ජීව උණ්ඩ ආරක්ෂක අමාත්‍යංශය යටතේ වන පූර්ණ වශයෙන් රජයට අයත් සමාගමක් වූ රක්නා ආරක්ෂක ලංකා සමාගම භාරයේ, පුපුරණ ද්‍රව්‍ය පාලකවරයා වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුදැනුම මත තිබු ඒවා වන හෙයින්, ඒ සඳහා පුපුරණ ද්‍රව්‍ය පනතේ 30(1) වගන්තිය අනුව වෙනම බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නොවන බවට අපි තීරණය කරමු.

නමුත් ගැටළුව මතු වූයේ එවැනි අවසර පත්‍රයක් 30 වන වගන්තියේ විධිවිධාන අනුව අවශ්‍ය නොවනුයේ නම් පැ 9(a) දරන අයදුම් පත්‍රය ඉදිරිපත් කර ඇත්තේ කුමන කාර්යයක් සඳහාද යන්නයි.

මේ සම්බන්ධයෙන් විත්තිය විසින් කරුණු දක්වමින් පවසා සිටියේ 30 වන වගන්තිය යටතේ නීත්‍යානුකූල අවසර පත්‍රයක් අවශ්‍ය නොවුනද පරිපාලනමය ක්‍රියාවල පහසුව සඳහා එවැනි අවසර පත්‍රයක් ලබා ගන්නා බවයි. විශේෂයෙන්ම යම්කිසි නැවක් වරායට ඇතුලත් කිරීමේදි ප්‍රායෝගිකව මේ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කළයුතු වන හෙයින් එකී ක්‍රියාපටිපාටිය සඳහා මේ ආකාරයට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර අවසරයක් ලබා ගැනීම සාමාන්‍යයෙන් සිදු කරන බව පවසන ලදි. මෙම තත්ත්වය පැ.9(a) දරන ඉල්ලුම් පත්‍රය සහ පැ 6 දරන අවසර පත්‍රය යන ලේඛන දෙකම පිටපත් කර ඇත්තේ ශ්‍රි ලංකා නාවික හමුදාවට, ශ්‍රි ලංකා වරාය අධිකාරියට සහ සහ ශ්‍රි ලංකා රේගුවට යන කරුණු සලකා බැලීමේදි පැහැදිලි වේ.

ඉහත සඳහන් නීතිමය තත්ත්වය එසේම තිබියදි MV ඇවන්ට් ගාර්ඩ් නෞකාවට ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ යැයි මදකට උපකල්පනය කරමු.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිගේ සාක්ෂියෙන්ද තහවුරු වනුයේ එවැනි අවසර පත්‍රයක් නිකුත් කිරීමට තමා කටයුතු කරන ලද්දේ මෙම ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය ශ්‍රි ලංකා රජයට අයත් සහ රාජ්‍ය ආයතනයක් වූ රක්නා ලංකා සමාගමේ අවි ආයුධ වන බැවින් තමා එය නිකුත් කිරීමට අදාළ ඉල්ලුම් පත්‍රයේ විධිවිධානද සලකා බලා කටයුතු කළ බවයි.

සම්පුර්ණ නඩු වාර්තාව කියවන්න

Ooops... You forgot to Select a document. Please select a file or paste a external document link to show here.