counter hit xanga
October 22, 2021

පේශලගේ කොරෝනා පොකුරේ මෛත්‍රී සහ රෝෂාන්!

Last Updated on May 6, 2021 by Panduka Herath

පසුගිය 29 වැනිදා පොලොන්නරුව සුදු අරලිය හෝටලයේ පැවැති විවාහ මංගල උත්සවයකට එක්වු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ,රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා ඇතුලු පිරිසක් කොරෝනා ආශ්‍රිතයන් බවට පත්ව ඇති බව වාර්තාවේ.

පොලොන්නරුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති පේ‍්‍රමසිරි මුණසිංහ මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවය 29 වන සිකුරාදා පොලොන්නරුව සුදු අරලිය හෝටලයේ පැවැති අතර විවාහය ලියාපදිංචිය සඳහා දෙපාර්ශවය වෙනුවෙන් අත්සන් තබන ලද්දේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ යන මහත්වරුන්ය. මෙම අවස්ථාවට ආරාධිත අමුත්තන් විශාල පිරිසක් පැමිණ සිටි අතර උතුරු මැද පළාතේ හිටපු මහ ඇමැතිවරයෙකු සහ හිටපු ආණ්ඩුකාරවරයකු වන පේශල ජයරත්න මහතා ද එම් අවස්ථාවට එක්ව් තිබේ.

පසුව මංගල උත්සවයට සහභාගී වූ පේශල ජයරත්න මහතා සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ට කොරෝනා ආසාදනය වි ඇති අතර පවුලේ ආසාදිතයින් සියලූම දෙනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ. මිට අමතරව සමීප ආශ‍්‍රිතයින් ස්වයං නිරෝධායනය සඳහා යොමුකිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ටද මේ වන විට නිරෝධායන නීති අනුව නිවාස අඩස්සියට පත්කර තිබේ. හිටපු ජනාධිපතිවරයාට සහ රාජ්‍ය අමාත්‍යවරයාටද අනතුරු අගවා ඇති බවයි වාර්තා වන්නේ.

වැඩේ අවුල් වෙච්ච නිසාද කොහෙද කිසිම කෙනෙක් මංගල උත්සවයට සහභාගි වි සිටින ඡායාරූපය සමාජ ජාලා වලට එක්කර තිබුනේ නෑ.