counter hit xanga
October 18, 2021

ස්ථානාධිපතිවරයාට දිවි අහිමිකල කොරොනා මරණය!

POLICEDEATH lankaecast

Last Updated on June 5, 2021 by Panduka Herath

කොරොනා අසාදිත දේහයක් අදහනය කිරිම සදහා රැගෙන යමින් සිටි වැන් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් හැටන් පොලිසියේ සුළු සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ජිවිතක්ෂයට පත්ව තිබේ.

හැටන් දික්ඔය මුලික රෝහලේ සිට මඩකලපුව ඔට්ටමාවඩි දක්වා හැටන් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය අසාදිතයෙකුගේ සිරුරක් රැගෙන යාමේ ආරක්ෂාවට හැටන් පොලිසියේ නිලධාරින් පිරිසක් ගමන් ගත් වැන් රථය ප්‍රපාතයකට පෙරලිමෙන් එම වැන් රථයේ ගමන් ගත් උප පොලිස් පරික්ෂකවරයෙක් එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි තවත් පොලිස් නිලධාරින් තිදෙනෙක් සහ වැන් රථයේ රියදුරා ඇතුළු මිය ගිය අයගේ ඥාති පිරිසක් බරපතල ලෙස තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ හැටන් පොලිසියේ සුළු සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපොප එස්.බෙනඩික් (57) නැමති පොලිස් නිලධාරියෙකි. අද (05) දින උදැසන 7.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදිය.

හැටන් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය අසාදිතයාගේ සිරුර මහනුවරදි යුධ හමුදාව වෙත භාර දිම සදහා ආරක්ෂාවට ගමන් කල පොලිස් නිලධාරින් පිරිසක් සහ මිය ගිය අයගේ ඥාතින් ගමන් ගත් වැන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් පමණ ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇත.

පැවති අයහපත් කාලගුණයත් සමග ධාවනය වෙමින් තිබු වැන් රථය ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් සහ වටවල පොලිසියේ නිලධාරින් කියා සිටියේ. මිය ගිය පොලිස් නිලධාරින් කැගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද හැටන් පොලිසිය පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ