counter hit xanga

විපක්ෂනායක දාපු ලෙඩක්! ලේකම්වරියක ඇතුළු 10කට කොරෝනා!

Last Updated on May 26, 2021 by Desman Chathuranga

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාර්යාලයේ ලේකම්වරියක ඇතුළු සේවකයන් දස දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.මේ අනුව එම සේවකයන් ඇසුරු කළ අයට ස්වයං නිරෝධායනයට යොමුවන්න ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා උපදෙස් ලබාදි තිබේ.

විපක්ෂ නායකවරයාට හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක ප්‍රධාන කාර්යාලය ද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයද සෞඛ්‍ය ආරක්ෂක පියවරක් ලෙස සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් වසා දමනු ලැබු අතර සේවකයන් PCR පරික්ෂණ් සදහාද යොමුකර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඔහුගේ බිරිඳ ජලනි පේමදාස මහත්මියකොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පසුගියදා ඇතුළත් කරනු ලැබූ අතර ඉන් පසුව ඊයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිදද වෛරසය ක්‍රියාකාරි විම හේතුවෙන් රෝහල් ගත කිරිමට කටයුතු කරමින් සිටියා.