counter hit xanga

රැලි 3ට පොලිසියේ 8ක් බිලි!

Last Updated on May 31, 2021 by Desman Chathuranga

COVID-19 වයිරසය ආසාදනය වීමෙන් පොලිස් නිලධාරීන් 8 දෙනකු මේ වන විට මියගොස් තිබේන බව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. කොරෝනා තුන්වැනි රැල්ලෙන් මරණ 6ක් සිදුව ඇති අතර එය ඉකුත් මැයි මස 12 වැනිදායින් පසුව සිදුව තිබේ.

කොරෝනා පළමු සහ දෙවැනි රැල්ලෙන් පොලිස් නිලධාරින් එක් අයකු බැගින් ද තෙවැනි රැල්ලෙන් පොලිස් නිලධාරින් හයදෙනකු ද වශයෙන් පොලිස් නිලධාරීන් 8 දෙනකු කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇතැයි එම අරංචි සඳහන් කරයි.

මියගිය පොලිස් නිලධාරීන් තිදෙනකු කුරුණෑගල කොට්ඨාසයේ සේවය කළ අය වන අතර මියගිය අනෙක් නිලධාරින් මොනරාගල, බණ්ඩාරවෙල, බදුල්ල, තෙල්දෙණිය සහ හලාවත යන කොට්ඨාසවල සේවය කළ අයයි.කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය පළමු පොලිස් නිලධාරියා වන්නේ මොනරාගල උප පොලිස් පරීක්ෂක පී.එන්. අන්දිරිස් අප්පු මහතායි.

මෙම මරණ අතර උප පොලිස් පරීක්ෂකවරුන් සිවුදෙනකු පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුද සිටින බවයි තවදුරටත් වාර්තා වන්නේ.