Last Updated on January 15, 2023 by Lankae Cast
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය 2012 වර්ෂයේදී ගොඩනැගුවේ දේශපාලන ඉලක්කයක් මුල්කරගෙනය. ඒ දුෂණයෙන්, භීෂණයෙන්, පවුල්වාදයෙන් තොරවූ යහපත් දේශයක් ඉලක්ක කරගනිමිනි. එහි ආරම්භයේදී විද්වතුන්, ඇතුළු යහපත් මිනිසුන් අතලොස්සකින් ආරම්භ වූ මෙම ව්‍යාපාරයට නායකත්වය ලබාදුන්නේ දැයෙන් සමුගත් යතිවරයාණන් වහන්සේ නමක් වූ අති පූජනීය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වහන්සේ විසිනි.
එසේ ගොඩනැඟු සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය 2015දී නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සමත් විය. එම යහපාලන රජයේ ක්‍රියාකලාපයන්ට මහත්සේ කණගාටූ වූ සෝභිත හිමියන් හිතේ අමාරුවෙන්ම අපවත්විය.
කෙසේ වූවත් එවකට රජය කරවූ තැනැත්තන් හා උපදේශකයන් උන්වහන්සේ අපවත් වීමෙන් පසු උන්වහන්සේට දක්වන ගෞරවයක් ලෙස ස්මාරකයක් ඉදිකිරීමට තීරණය විය. ඒ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද අනුදැනුම යටතේයි. ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාකළේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයයි. එවකට එම ව්‍යාපාරයේ ප්‍රබලයකු වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් මෙම ස්මාරකය ඉදිකිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය මූර්ති ශිල්පී සරත් චන්ද්‍රජීව හඳුන්වාදී ඔහු විසින් මෙම මෙම ස්මාරකය ඉදිකිරීම සිදුකරන ලදි.
මෙහි සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් තනතුරු බලෙන් ලබාගත් පාලිත ලිහිණියකුමාර නැමැත්තායි. පාලිත ලිහිණියකුමාර මෙම තනතුරු ලබාගත් ආකාරය කිසිවෙක් දන්නේ නැත. හිටපු ලේකම්වරයා වූ විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සිසිර ජයමහ මහතාගෙන් මේ ගැන විස්තර ලබාගත හැක. කරු ජයසූරිය මහතා හෝ මේ සම්බන්ධව කිසිවක් නොදන්නේය.
මෙම ස්මාරකය සඳහා අවශ්‍ය මුදල් ලබාදී ඇත්තේ, ජනාධිපති අරමුදලේ රුපියල් මිලියන පහකට ආසන්න මුදලක් ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කටයුතු කරන ලදි. එම මුදල් පිළිබඳ කිසිදු විගණනයක් මේ දක්වා සිදුකර නොමැති අතර මෙම ස්මාරකය නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මූර්ති ශිල්පී සරත් චන්ද්‍රජීවට ද ගෙවීම් මේ දක්වා සිදුකර නොමැත.
සෝභිත නාහිමියන්ගේ ස්මාරකය ඉදිකිරීම සඳහා විවිධ දානපතියන්ගෙන් විශාල වශයෙන් මුදල් එක් රැස්කර ඇති අතර, එම මුදල් කොපමණක්ද යන්න දන්නේ එම මුදල් දුන් දානපතියන් හා ලබාගත් පාලිත ලිහිණියකුමාර නැමැත්තා පමණි.
කෙසේ වෙතත් මුදල් වලට අදාළ ගිණුම් ප්‍රකාශන මේ දක්වා ඉදිරිපත් කර ජනාධිපති අරමුදලට ලබාදී නොමැති නොමැති බව වාර්තා වෙයි. මේ සම්බන්ධව කරු ජයසූරිය මහතා වෙත හා නීතිඥ රවි ජයවර්ධන මහතා වෙත මෙම මුදල් පිළිබඳ විමසීම්ද කර ඇති බව වාර්තාවේ.
මේ කරුණු මුල්කර ගනිමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙන් මහාචාර්ය සරත් විජේසූරිය ඇතුළු විද්වතුන් කළකිරී කරකියාගත නොහැකිව නිහඬව සිටී.
මේ සියලු තත්ත්වයන් හමුවේ පාලිත ලිහිණියකුමාර නමැත්තා ඔස්ට්‍රේලියාව බලා විදෙස්ගත වී ඇත.
ඔහු විසින් කර ඇති දූෂණ වංචා පිළිබඳ මහන්දලා කර ඇත්තේ මොන හොරකම්දැයි විමසුනු වටී. රාජ්‍ය සේවයේ එකවර වැටුප් තුනක් ලබාගත් අයෙකි. ජනාධිපති කාර්යාලයෙන්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් හා කරු ජයසූරිය මහතාගේ සම්බන්ධීකාරකයකු ලෙස පාර්ලිමේන්තුවෙන් එකවර වැටුප් ලබාගන ඇත. මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වූවහොත් ඔහු සිටිය යුත්තේ හිර ගෙදරය. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ මේ වනවිටත් විදේශගතව සිට ලේකම්දූරය දරන පාලිත ලිහිණියකුමාර සාධාරණ සමාජයක් හැදිල්ල කෙසේ වෙතත් තමන් හැදී ඇති බව රටටම වැටෙහෙනවා ඇත.
මේ තත්ත්වය යටතේ ඔහු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද අන්දවා ඇති බව අනාවරණය වෙමින් තිබේ. ඒ කරු ජයසූරිය හරහාය. රනිල් වික්‍රමසිංහ කරු ජයසූරිය තමන්ගේ හොර රාජ්‍ය පාලනයට නම්මවා ගත්තේ ජන සභා නීතිගත කර දෙන බව පොරොන්දු වෙමිනි. මේ වන විට එය කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමත වී ඇත. පාලිත ලිහිණියකුමාර දූෂකයා ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට ගෙන්වා ජනසභා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් දූරය පිරිනැමීමට හොර ජනාධිපති රනිල් වික්‍රමසිංහද එකඟත්වය පලකොට ඇති බව වාර්තාවේ.
පාලිත ලිහිණියකුමාර ජනවාරි මස මැද භාගයේ යලි මෙරටට පැමිණෙන බවත්, කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත මෙම තනතුර ජනාධිපතිවරයා විසින් පිරිනැමීමට නියමිත බවත් වාර්තා වේ.
වංචා දූෂණ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විරෝධයක් පවතින පසුබිමක මෙවැනි පත්වීමක් සිදුකිරීම කොතරම් දුරට සාධාරණද? කරු ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපය ද ප්‍රශ්ණකාරී වන අතර, ඔහු විසින් දැනට ජනාධිපතිවරයා සමග කටයුතු කිරීම සඳහා ඔහුගේ හිතවතුන් කිහිපදෙනකු ජනාධිපති කාර්යාලයේ රාජකාරි කරන බවද සැලය.
More Stories
අධිකරණයට සහ මාධ්‍ය ආයතන වලට සිදුකරන බලපෑම හෙලා දකිමු!
ප්රජාතන්ත්රවාදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආණ්ඩුවට උපදෙස් – ජෙහාන් පෙරේරා
දැන් මැතිවරණයට දින නියම වෙන්නේ කාගේ වාසියකටද?