counter hit xanga
March 26, 2023

Covid-19 පනත පාර්ලිමේන්තුවට!

Last Updated on May 23, 2021 by Desman Chathuranga

“Covid-19 විධිවිධාන පනත් කෙටුම්පත ” පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කෙරෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.කොවිඩ් වසංගත සමයේදී ජනතාවට සහන සැලසීම තහවුරු කිරීම සඳහා එම පනත ඉදිරිපත් කරනු ඇති.

කොවිඩ් වසංගත කාලපරිච්ඡේදයේදී ඉටු කර ගැනීම මගහැරෙන යම් යම් ප්‍රශ්න පසුකාලීනව හෝ ඉටුකරගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසීම නීතියෙන් තහවුරු කිරීම මෙන්ම වසංගත කාලයේදී ඔන්ලයින් ක්‍රමයට නඩු ඇසීමේ ක්‍රමවේදය නිත්‍යානුකුලව තහවුරු කිරීම යනාදීවු අරමුණු රැසක් මෙම පනත් කෙටුම්පත මගින් ඉදිරිපත් කිරිමට නියමිතයි.

පනත් කෙටුම්පත දැනට සකස් කර අවසන් කර ඇති අතර එය ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා කර ගැනිමට මේ වනවිට කටයුතු සුදානම් කරමින් තිබේ.