counter hit xanga
October 26, 2021

“එදා මිනීමරපු ජෙප්පෝ අද රටටම වෛරසයක්!!”

Last Updated on May 16, 2021 by Panduka Herath

සංචාරක බුබුලු හරහා මෙරටට පැමිණ යුක්‍රේන ජාතික සංචාරකයන් හරහා මෙරටට කොවිඩ් පැතිරීමක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් නැති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.සංචාරක බුබුල නියාමන අවධියේදී කොවිඩ් යුක්රේන ජාතිකයන් හරහා මහජනතාවට පැතිරීමක් වාර්තා වී නැතැයි ද ඔහු කියා සිටී.

එ නිසා ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීම දේශපාලන වශයෙන් මඩ ගැසීමක් බවද ඔහු පෙන්වා දෙනවා. සිය Facebook පිටුවේ සටහනක් තබමින් උදයංග වීරතුංග සදහන් කර ඇත්තේ “එදා මිනීමරපු ජෙප්පෝ අද රටටම වෛරසයක්!!” යනුවෙනි.

සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමට දෙසැම්බර් 28 සිට ජනවාරි 21 අතර අප හදුන්වාදුන් නියාමන “සංචාරක බුබුළ” හරහා පැමිණි යුක්රේනියානු සංචාරකයන් “බ්‍රිතාන්‍ය” ප්‍රභේදය මෙරටට බෝකර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේහි චෝදනා ප්‍රතික්ෂේප කරමි. මොකද යුක්රේනියානු රාජ්‍යය පළමුවරට “බ්‍රිතාන්‍ය” ප්‍රභේදය හදුනා ගත්තේ පසුගිය මාර්තු 04 දා බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. එසේම ජනවාරි පෙබරවාරි අතර ලංකාවේ කිසිදු ප්‍රදේශයක එම “බ්‍රිතාන්‍ය” කොරෝනා ප්‍රබේදය හමුවී නැත.

මේ අතර දිවයිනට පැමිණ සිටින විදේශික සංචාරකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමට හැකි බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව මේ වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙරටට පැමිණ සිටින සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය ඔස්සේ පළාත් අතර සංචරණය කළ හැකි බව අධ්‍යක්ෂක ජෙනරාල්වරිය කියයි.

කෙසේ වෙතත් සංචාරක ජෛව බුබුළු ක්‍රමවේදය ඔස්සේ සංචාරකයන් රැගෙන යාමේ දි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කිරීමට කටයුතු කරන්න යැයි සංචාරකයින් ගෙන්විමට කටයුතු කර ඇති ආයතන හා පුද්ගලයින්ට දැඩි ලෙස උපදෙස් දී ඇති බවත් එලෙස කටයුතු නොකරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය පෙන්වා දෙයි.