Last Updated on June 7, 2021 by Desman Chathuranga
ආයෝජන කලාපවල සේවය කරන පිරිස් මෙන් වතුවල සේවය කරන පිරිසත් විශේෂ කණ්ඩායමක් ලෙස සලකා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන්නැයි වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා රජයෙන් ඉල්ලීමක කර තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා
දිවයින පුරා පවතින කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අපි අපේ අමාත්‍යංශය හරහාත් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. උදාහරණයක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය ගත්තොත් අපි තොණ්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානය සහ තොණ්ඩමාන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් සකස් කර තිබෙනවා. මේ නව විට එහි ඇඳන් 1300 ක් තියෙනවා. එය 2500 ක් දක්වා ඉහළ නැංවීමට අපි උත්සාහ කරනවා. එහෙම කළොත් තමයි මේ කොවිඩ් වසංගතය පාලනය කරන්න පුළුවන් වෙන්නේ..
ඒ වගේම අද පැවැති රැස්වීමේදී කොවිඩ් මර්දන එන්නත් ගැන කතා කළා. මුලින් ප්‍රකාශ වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයට එන්නත් 25,000 ක් දෙනව කියලයි. නමුන් සීබී රත්නායක ඇමතිතුමත් අපිත් කතා කරල 25,000 50,000 දහස දක්වා වැඩි කර ගෙන තියෙනවා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයට කොවිඩ් එන්නත් 50,000 ක් ලබා දීල තියෙනවා මේ එන්නත් 50,000 අධි අවදානම් ප්‍රදේශවලට ලබා දෙන්න තීරණය කරල තියෙනවා. බගවන්තලාව, අඹගමුව, කොටගල, ලිඳුල, සහ නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවලටත් ලබා දෙන්න තීරණය කරල තියෙනවා. මෙම ප්රදේශවලටයි මුලින්ම මේ එන්නත ලබා දෙන්නේ. මේ එන්නත් කරණයේදී ආයෝජන කලාපවල සේවය කරන පිරිස් විශේෂ කණ්ඩායමක් ලෙස සලකා එන්නත ලබා දීල තියෙනවා .ඒ වගේ වතුවල සේවය කරන පිරිසත් විශේෂ කණ්ඩායමක් ලෙස සලකා එන්නත ලබා දෙන්න කියල අපි ඉල්ලීමක් කළා .
කොවිඩ් වසංගතය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට රජය මගින් ලබා දෙන රුපියල් 5000 දීමනාව නිසි ලෙස ජනතාවට නොලැබෙන බවට අපටත් පැමිණිලි ලැබෙමින් තිබෙනවා. අපි මේ ගැන ආණ්ඩුකර තුමා සමඟ කතා කරල තියෙනවා. දිස්ත්‍රික් ලේකම් තුමා සමඟත් සාකච්ඡවක් තියෙනවා ඉන් පස්සේ ඒ ඒ ප්‍රාදේශිය ලේකම්වරුන් එක්ක කතා කරල පවතින ගැටළු විසඳා ගන්න කටයතු කරනවා.
රජය මගින් රසායන පොහොර නැවැත්වීම නිසා සිදුව ඇති තත්වය සම්බන්ධයෙන් අපි මේ වන විට ගොවීන් සමඟත් අදාළ අනෙකුත් පාර්ශව සමඟත් සාකච්ඡා කරල තියෙනවා. පසුගිය රජය ග්ලයිෆොසේට් තහනම් කිරිම නිසා තේ වගාව විශාල පසුබෑමකට ලක් වෙන්න සිදු වුණා. වර්තමානයේ පොහොර සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ප්‍රතිපත්තියක් තිබෙනවා. ඒකට අපේ සහාය තිබෙනවා නමුත් අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ සඳහා විකල්පයක් හඳුන්වා දීමෙන් පසුව මේ රසායන පොහොර නැවැත්වීමට කටයුතු කරන ලෙස.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1190 අයහපත් කාලගුණය නිසා අවතැන් වෙලා සිටිනවා. ඔවුන්ව මේ වන විට තාවකාලික ආරක්ෂිත ස්ථානවල පදිංචිකරවලා තියෙනවා. ස්වභාවික විපත්වලට ස්ථීර විසඳුමක් ලබා ගන්න අමාරුයි නමුත් පීඩාවට පත් ජනවාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දිමට පියවර ගන්නවා.ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ රට ගැනත් රටේ ජීවත් වන ජනතාව ගැනත් විශාල හැඟීමක් තියෙනවා. මේ කොවිඩ් වසංගතය පවතින කාලය තුලත් මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ වත්මන් ජනාධිපතිතුමාටයි අමැතිතුමාටයි පමණයි.
මස්කෙළියේ ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක
viagra cialis sample pack cialis pills
ivermectin uk ivermectin
generic cialis professional price of cialis 20 mg
orginal cialis tadalafil 20mg
https://gabapentin.icu/# neurontin capsules 300mg
https://gabapentin.icu/# neurontin brand name in india
https://gabapentin.icu/# buying neurontin online
doxycycline doxycycline