Last Updated on September 8, 2022 by Desman Chathuranga
ජනතාව විසින් පලවා හරින ලද, රනිල්ගේ පිහිටෙන් යලි රටට පැමිණී බියගුලු මෙන්ම අසාර්ථක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන උපාලි අබේරත්න ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ කර සිටියා. එම කොමිසම එවකට දේශපාලන ක්ෂේත්රයේ කතා බහට ලක්වුයේ ලද පිස්සු පූසාගේ කොමිසම යන අන්වර්ථ නාමයෙනි.
කොමිෂන් සභාව විසින් 2020 දෙසැම්බර් මස 08 වන දින ගෝඨාභය රාජපක්ෂට ලබාදෙන ලද වාර්ථාවේ නිර්දේශ ගණනාවක් තිබේන අතර ඒ අනුව වංචා දූෂණ පිළිබඳව අදාළ නිල ආයතන වලට පැමිණිලි කළ තමා ඇතුලු පිරිස හඹා යමින් දඬුවම් කිරීමටත් අදාල පැමිණිලි පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ආයතන නිලධාරින් හට දඬුවම් කිරීමටත් පිස්සු පූසා කොමිසම නිර්දේශ කර තිබූ බව මන්ත්‍රීවරයා මෙහිදි අනාවරණය කළා.
පිස්සු පූසාගේ ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳව වර්ථමාන ජනාධිපතිගේ ස්ථාවරය කුමක්ද? ඒ සම්භන්ධයෙන් ගනු ලබන පියවර මොනවාද? සහ උපාලි අබේරත්න විසින් මෙරට අධිකරණ පද්දතියට කරණ ලද අපකීර්තිය සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද? යනාදී ප්‍රශ්ණ මන්ත්‍රීවරයා විසින් නැගීය.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිවරයා අදාළ කොමිසම අහෝසි වී ඇති බවයි.

More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි