counter hit xanga
October 22, 2021

බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා… පාර්ලිමේන්තුව උණුසුම්!

Last Updated on April 18, 2021 by Panduka Herath

අධිකරණයට ප්‍රසිද්ධියේ අපහස කිරිමේ වරදට වසර 4ක සිර දඩුවමකට යටත් විම හේතුවෙන් රන්ජන් රාමනායකට අහිමි වු පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය යළි ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් අත්වල කළුපටි පැළඳ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අද (08) දෙවැනි දිනයටත් උද්ඝෝෂණයේ යෙදීමත් සමග ඇති වූ උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කතානායකවරයා පාර්ලිමේන්තු කටයුතු විනාඩි දහයකට කල් තබනු ලැබුවා.

ඒ සමගම ආණඩු පක්ෂය හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර උණුසුම් බහින්බස් වීමක් ද සිදු වු අතර “බල්ලා”, “බූරුවා”, “පිස්සා”,”මෝඩයා”,”පරයා” යන වචනද හුවමාරු වි තිබේ.

මේ අතර උණුසුම් බහින්බස් වීම අතරතුර අදහස් දැක් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෙන්සේකා මහතා කැලෑ උසාවියකින් එදා දඬුවම් දුන් අවස්ථාවේ මේ ඉදිරියේ සිටින එදා කතානායක තමාට මේ සභාවට පැමිණීමට ඉඩ නොදුන් බව පැවසිමත් සමග තත්ත්වය තවත් උණුසුම් වු අතර මෙහිදි වහා නැගී සිටි ඇමැති චමල් රාජපක්ෂ මහතා “මේ සභාවට එදා ඔබට එන්න ඉඩ දුන්නේ මමයි” යනුවෙන් පැවැසු අතර මෙහිදී ෆොන්සේකා මහතා ගේ වචනයක් හේතුවෙන් අවේගශිලි වු රාජපක්ෂ මහතා ඔහු සමග ආවේගශීලියි වචන හුවමාරුවක් සිදුවු අයුරු පහත විඩියෝව හරහා නරඹන්න.

මේ අතර “පිස්සු නායක සජිත් ” යනුවෙන් ලියන ලද සටන් පාඨ රැසක්ද පාර්ලිමේන්තුව තුල දක්නට ලැබුනු අතර රන්ජන්ට යුක්තිය ඉල්ලා පාඨ රැසක්ද පාර්ලිමේන්තුව තුල දක්නට ලැබුනා.

කල් තැබුණු පාර්ලිමේන්තුව විනාඩි දහයකට පසුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යළි ආරම්භ වූ හිටපු කතානායක,වත්මන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කාට හෝ යි ම් සිත් රිදවිමක් සිදු වුයෙ නම් ඒ සම්බන්ධයෙන් සිය කණගාටුවද පලකර සිටියා.  “කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් ” මගේ අතින් කාගේ හරි හිත රිදුණා නම් පළමුවෙන්ම කනගාටු වෙනවා”  යනුවෙන් චමල් රාජපක්ෂ සිය ප්‍රකාශය කිරිම කාගෙත් අවධානයට යොමු වු බවයි පාර්ලිමේන්තු අප වාර්තාකරු සදහන් කළේ.