Last Updated on June 2, 2021 by Desman Chathuranga
ගිනිබත්ව ඇති අබලන් වූ නෞකාව ගිලීමේ අවදානමකට මුහුණ දී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ X-Press Pearl නෞකාව ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද (02) පෙරවරුවේ ආරම්භ කළ අතර මේ වනවිටත් එය සිදුවෙමින් තිබේ.නෞකාව තල්ලු කිරීමේ කාර්යට නාවික හමුදා කණ්ඩායමක් ද සහභාගි වී සිටි.
ඊයේ (01දා) සිට ජලය කාන්දුවීම හේතුවෙන් නෞකාව මේ වන විට සියයට 50ක ප්‍රමාණයක් මුහුදේ ගිලී ඇති බවයි නාවික හමුදාව සදහන් කරන්නේ.
මේ අතර ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා,ප්‍රධාන ඉංජිනේරු සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු යන තිදෙනාට නැව සම්බන්ධව පරීක්ෂන කටයුතු අවසන් වනතුරු ශ්‍රී ලංකාවෙන් පිටවයාම වලක්වමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 14 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් අතර ඒ අනුව කපිතාන්වරයාගෙන් පැය 14 ක්, ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 13 ක් සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 12 ක් වශයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි