counter hit xanga
March 26, 2023

ඉඩම් හොරා කෑ CWC මන්ත්‍රී දොට්ට දමයි!

Last Updated on November 18, 2022 by Desman Chathuranga

අඹගමුව ප්‍රාදේශිය සභාවේ ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කරමින් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු වශයෙන් කටයුතු කල අරුල්සාමි ජොයෙල් මැල්කම්ට එරෙහිව පැවැත් වු විනය පරික්ෂණයකින් පසු පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කිරිමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් (18) දින පියවර ගෙන තිබේ.

ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කරමින් අරුල්සාමි ජොයෙල් මැල්කම් එම ප්‍රාදේශිය සභාවේ වසර ගණනාවක් කටයුතු කරමින් සිටින අතරතුර වැලිඔය අග්‍රඔය ප්‍රදේශයේ වතු කම්කරුවන් වෙත බෙදා දිම සදහා ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් හදුනාගෙන තිබු ඉඩමක් පක්ෂයේ අනුදැනුමකින් තොරව ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා සහ ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙකුට ඉඩම් ප්ති‍රසංස්කරණ කොමිෂන් සභාව හරහා පවරා ගැනිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයාගේ උපදෙස් පරිදි පක්ෂයේ විධායක සභාව විසින් ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විණ.

එම විනය පරික්ෂණයෙන් පසු ලංකා කම්කරු කොන්ග්‍රසයේ විධායක සභාව විසින් අරුල්සාමි ජොයෙල් මැල්කම් මහතාව පක්ෂ සමාජිකත්වයෙන් නෙරපිමට ගත් තිරණයක් අනුව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා විසින් ඒ බව අදාල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයාට ලිඛිතව දැනුම් දි ඇත.

අරුල්සාමි ජොයෙල් මැල්කම් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ සමාජිකත්වයෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දි ඇති බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ ලේකම්වරයා කියා සිටියේ.