Last Updated on June 17, 2021 by Panduka Herath
රට පුරා මත්පැන් අලෙවිසල් මාසයකට ආසන්න කාලයක් වසා තැබීම නිසා රජයට රුපියල් කෝටි 1,500 කට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මත්පැන් අලෙවිසල් වසා දැමීම නිසා දිනකට සිදු වන පාඩුව රුපියල් කෝටි 50කට අධික බවයි එම දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙන්නේ.
දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමග ඉකුත් මැයි මස 13 වැනිදා සිට මත්පැන් අලෙවිසල් වසා දැමු අතර ඒ හේතුවෙන් නීති විරෝධි මත්පැන් නිෂ්පාදන වැඩි වී ඇති බවද වාර්තා වේ.ඒ හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදන සහ බෙදාහැරීම සදහ සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුම් රැසක් දියත් කර තිබේ.
මේ අතර සුපිරි වෙළඳසල් හරහා Online ක්‍රමවේදය ඔස්සේ පාරිභෝගිකයන්ට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයිවූ යෝජනාවක් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන බවද සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (15) සදහන් කර තිබුනා.මේ අතර Online ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට මුදල් අමාත්‍යංශය සුරාබදු දෙපාර්තුමේන්තුවට අවසර ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වේ.
මාසයක කාලයක් සංචාරණ සීමා ක්‍රියාත්මකවීමෙන් රටට සිදු වන මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හතළිස් පන් දහස ඉක්මවන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියා.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න