counter hit xanga
March 28, 2023

දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව

Last Updated on January 28, 2023 by Dheerasinghe

සැලසුම් කළ පරිදි දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දන්වා තිබේ.

එමෙන්ම මෙම කාලසීමාවේ දී අඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ඇමතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා අද (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, එකඟ වූ පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අසමත් වූවහොත් විදුලිබල මණ්ඩලය නීතිය ඉදිරියට ගෙනයන බවය.

උසස් පෙළ දරුවන්ගේ පහසුකම් සැපයීම රජය විසින් දැරිය යුතුයි.” 

“ඇමතිගේ අත්තනෝමතික ක්‍රියාකාලාපය නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. සඳුදා වෙනකොට ඒ තත්ත්වය වෙනස් කරගත යුතුයි.”

අදත් විදුලි කප්පාදුවක් ඉල්ලලා තිබෙනවා. අපි ඒකට අවසර දෙන්නේ නැහැ. මම දැන් ඒ ලියුම පැයකින් විතර නිකුත් කරනවා.”

පෙබරවාරි 17 දක්වා විදුලි කප්පාදුවක් නැතුව අඛණ්ඩව විදුලිය ලබාදිය යුතුයි කියන තීරණයේ තමයි අපි ඉන්නේ. ඒ අයත් පනත අනුව තමයි වැඩ කරන්න ඕනේ.”