Last Updated on June 8, 2021 by Desman Chathuranga
X-Press Pearl නෞකාවෙන් සාගරයට වූ හානිය වන්දියකින් මැනිය නොහැකිබව අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා පවසයි.ලෝක සාගර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ සාගරයට අපද්‍රව්‍ය එක්වූ පසු ඒවා නිවැරදි කිරීමට ගත හැකි පියවර සීමාසහිත බවත් එම බලපෑම මත්ස්‍යයන් ඇතුළු සමුද්‍රීය ජීවීන්ටත් මුළු මහත් සමුද්‍රීය පරිසර පද්ධතියටත් සෘජුව බලපාන බවයි.
“ජීවිතය හා ජීවනෝපාය සාගරයයි“ යන මෙවර ලෝක සාගර දින තේමාව වේ.
අග්‍රාමාත්‍යවරයාගේ ලෝක සාගර දින පණිවිඩය
සමුද්‍රීය පරිසරයේ වැදගත්කම ගැන ලෝක ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළ “ලෝක සාගර දිනය” වෙනුවෙන් සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි.
සංවර්ධනය සහ කාර්මීකරණය යන මානව ක්‍රියාකාරකම්වල බලපෑම හේතුවෙන් සමුද්‍රීය පරිසර දූෂණය ද මේ වනවිට ඉහළ යමින් ඇති බව පරිසර විද්‍යාඥයන්ගේ අදහසයි.
ඉන්දියන් සාගරයට මැදිව පිහිටි ශ්‍රී ලංකාව සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්ය.
ඒ වෙනුවෙන් 2008 වසරේ දී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමටත් සමුද්‍රීය ආරක්ෂාව හා බැඳී පවතින නෛතික ක්‍රියාදාමයන්ට මුලපිරීමටත් අපට හැකියාව ලැබිණි.
අප ජීවත්වන මෙම පෘථිවි තලයෙන් සියයට 70 ක්ම වැසී ඇත්තේ ජෛව විවිධත්වයේ නිවහන ලෙස සැලකෙන සාගරයෙනි. ජීවින්ගේ පැවත්මට සෘජුව දායකවන සාගර පරිසර පද්ධතිය විවිධ මිනිස් ක්‍රියාකාරකම් මත දූෂණයට ලක්වීම කණගාටුවට කරුණකි.
සාගරයට අපද්‍රව්‍ය එක්වූ පසු ඒවා නිවැරදි කිරීමට ගත හැකි පියවර සීමාසහිත වන නිසා එම බලපෑම මත්ස්‍යයන් ඇතුළු සමුද්‍රීය ජීවීන්ටත් මුළු මහත් සමුද්‍රීය පරිසර පද්ධතියටත් සෘජුව බලපාන අතර දේශගුණික විපර්යාස බලපෑම් දක්වා එය දිගුවනු ඇත.
නෞකා සහ යාත්‍රා දියත්වීම සහ ඒවායේ අනතුරු සාගරය දූෂණයට සෘජුව බලපා ඇති අතර පසුගියදා කොළඹට නුදුරු මුහුදේ අනතුරුට පත් නෞකාවෙන් සිදුවූ හානිය වන්දි මුදලක් මගින් තක්සේරු කළ නොහැකි බව මාගේ විශ්වාසයයි.
ඒ තුළින් අපගේ වෙරළ තීරයටත්, සාගර ජීවීන්ටත්, සාගර පරිසරයේ ජෛව විවිධත්වයට සහ ධීවර ප්‍රජාවට එල්ල කළ බලපෑම ගණනය කළ නොහැකි තරම්ය.
ගංගා හෝ ඇළ මාර්ගවලින් මෙන්ම සෘජු ලෙස නාගරික ඝන අපද්‍රව්‍ය සාගරයට මුදා හරින බව පසුගියදා පරිසර විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන ලදි. ඒ අනුව ගත්විට වෙරළ දූෂණයට ප්‍රධානම බලපෑම එල්ල වනුයේ ඒ තුළිනි.
ප්ලාස්ටික් සහ පොලිතින් මේ ආකාරයට සාගරයට එක්වුවහොත් එමගින් ඇතිවන බලපෑම නූපන් පරපුර දක්වා දිගුවනු ඇත. මේ පිළිබඳව අවධානය යොමු කළ රජය මේ වසරේ දී ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කරමින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා මූලාරම්භය තබා තිබේ.
වෙරළ තීරයේ කඩොලාන ප්‍රතිශ්ථාපනය මෙන්ම, කොරල් පර ප්‍රතිස්ථාපන වැඩසටහන් සැළකිය යුතු මට්ටමෙන් ඉදිරියට ගෙනයාමටත් පාරසරික ආරක්ෂණ ප්‍රදේශ පිළිබඳව පශ්චාත් අධීක්ෂණයන් වඩාත් කාර්යක්ෂම කිරීමටත් විෂය භාර අමාත්‍යවරයා ලෙස මම උපදෙස් දී ඇත්තෙමි.
සාගර විශ්ව විද්‍යාලයක් පිහිටුමින් මෙම විෂයට තිබෙන උනන්දුව සහ සාගරය පිළිබඳව අධ්‍යනයන් ඉදිරියට ගෙන යාමට මා එදා තැබු පියවර අදට වඩා හෙට තවත් කාලෝචිත වන බව මාගේ විශ්වාසයයි.
ධීවර ප්‍රජාව ඇතුළු සමුද්‍රීය පරිසරය ජීවනෝපාය කරගත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීම වෙනුවෙන් ද සෘජුව බලපාන සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම රජය ගන්නා බව සිහිපත් කරමි.
“ජීවිතය හා ජීවනෝපාය සාගරයයි“ යන මෙවර ලෝක සාගර දින තේමාව ද මේ ආකාරයට සාගරය හා බැදුණු සියලු වටිනාකම් සිහිපත් කරයි.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් අපේ මාතෘ භූමියේ පැවැත්ම සහ සුන්දරත්වය වෙනුවෙන් සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට පෙළගැසෙමු යැයි මම ඔබට ආරාධනා කරමි.
canadien pharmacy no prescription cialis generic tadalafil 20mg india
ivermectin 12 how much does ivermectin cost
viagra cialis combo generic tadalafil 20mg india
prices on cialis tadalafil 20mg best price
https://cipro.best/# cipro pharmacy
https://cipro.best/# where can i buy cipro online
https://cipro.best/# cipro
doxycycline without prescription doxycycline 75 mg tablet