counter hit xanga
March 26, 2023

දේශපාලන වාර්තාකරුට මාංචු වැටේ? විපක්ෂය,මාධ්‍යය සංවිධාන දොයි…

Last Updated on March 10, 2022 by Desman Chathuranga

මෙතන් සිට අරයා කිව්වා, එතන තිබ්බා මෙතන තිබ්බා කියා තොරතුරු ප්‍රසිද්ධ මාධ්‍යයේ පලකිරීමට මාධ්‍යවේදින්ට නොහැකිවන බවත්, මාධ්‍යවේදීන් විසින් තමන් පල කරන සියලු තොරතුරු වල වගකීම ගත යුතු බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

අද (09) පාර්ලිමේන්තුවේ පැවති පෞද්ගලික දත්ත ආරක්ෂක පනත් කෙටුම්පත් සම්බන්ධ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියා.

“Journalists should not come out and say he or she published information saying certain person provided the information. They should be more responsible,”

ලංකාවේ ආර්ථිකය විද්‍යුත්කරණය කිරීම සහ රාජ්‍ය සේවය විද්‍යුත්කරණයට ලක් කිරීම එකම අරමුණ කරගනිමින් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

“වැදගත්ම දේ තමයි යම් මාධ්‍යවේදියෙක් තමන් දාන තොරතුරු වලට තමන්ම වගකිම් ගන්නවා නම් ප්‍රශ්නයක් නැ.. නමුත් මම අරය කිව්ව නිසා දැම්මෙ..අතනත් තිබ්බ නිසා මම දැම්මෙ…මට හිනෙන් පෙනුනු නිසා දැම්මෙ වගේ කතා කිව්වොත් නම් උසාවි යන්න වෙනවා..අපි ඉතා වගකීමෙන් කියනවා මේ පනත මගින් තොරතුරු තාක්ෂණයට බූස්ටර් එකක් හම්බවෙනවා කියා. ඒනිසා අපේ රටේ අවශ්‍යතාව සහ ගෝලිය අවශ්‍යතාව මත මේ පනත දිහා බලන්න කියා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.” අමාත්‍යවරයා පවසා සිටියා.

පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇති පෞද්ගලික දත්ත ආරක්ෂක පනත පහතින්,