counter hit xanga
October 18, 2021

සල්ලිත් අරන් වැඩේ නෑ! දයාගේ සමාගම ඉවතට!

DAYA lankaecast

Last Updated on June 1, 2021 by Panduka Herath

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ වැඩ කටයුතු ප්‍රමාද කිරිම හේතුවෙන් Olympus Construction (Pvt) Ltd (ඔලිම්පස්) සමාගම සමග තිබු ගිවිසුම අවලංගු කිරිමට කටයුතු කර තිබේ. මහා මාර්ග අමාත්‍යාංශය සදහන් කළේ ඒ සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන අදියරේ ඉදිකිරීම් ප්‍රමාද කළ යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන දයා ගමගේට අයත් ඔලිම්පස් ( olympus ) ඉදිකිරීම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔලිම්පස් (Olympus) කොන්ත්‍රාත් සමාගමට අයත් මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අවස්ථා කිහිපයකදීම ඔවුනට අවවාද කළත් දිගින් දිගටම ඔවුන් ඉදි කිරීම ප්‍රමාද කිරීම නිසා කැබිනට් රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ තීරණය ගත් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි .

මාර්ග ඉදිකිරීම සදහා අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දී තිබියදීත් ඔවුන්ගේ ඉදිකිරීම්වල ප්‍රමාදය නිසා සැළසුම් කළ දිනට මෙම අධිවේගී මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමට නොහැකි වූ බවයි අමාත්‍යවරය පෙන්වා දෙන්නේ.

යහපාලන සමයේ රුපියල් බිලියන 1.8ක් දිලා!

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම සිට කුරුණෑගල ‍කොටසෙහි වැඩ 90%ක් නිමවී තිබුනත් යහපාලන ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමතිවරයකු වන දයා ගමගේ මහතාට අයත් ඔලිම්පස් සමාගම විසින් වැඩ නොකීරීම නිසා එම මාර්ගය විවෘත කිරීම දිනෙන් දින කල් යමින් තිබුනා. තවද ඔවුන් මේ වන විට භාවිතයට ගැනීමට ගෙනා යකඩ පවා මලකඩ බැදී විනාශ වෙමින් තිබෙනු දක්නට ලැබුනා.

එම කොටස වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය මගීන් රුපියල් බිලියන 1.8ක් එනම් කෝටි 1800ක් අත්තිකාරම් වශයෙන් ගෙවා ඇති බවට තොරතුරු අනාවරණය වි තිබු අතර මේ තරම් අති විශාල අත්තිකාරම් මුදලක් ගෙවා තිබීයදී වැඩ නොකිරීමට හේතුව කුමක්දැයි අනාවරණය වි නෑ.

ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට කිසිදු අවශ්‍යතායක් ඔලිම්පස් සමාගමේ පාලන අධිකාරියට නොමැති බව එම සමාගමෙහි ව්‍යාපෘතියේ වැඩ කරන නිලධාරින් පවා තහවුරු කර තිබේ.