counter hit xanga
March 26, 2023

මැකොසට එන මරණ තර්ජන පසුපස ආණ්ඩුවේ බළල් අත්!

Last Updated on January 28, 2023 by Desman Chathuranga

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් කිහිප දෙනෙකු ඉල්ලා අස්විම භාරදෙනතුරු මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස්ගේ ඉල්ලා අස්වීම පිළිගන්නවා ද?නැද්ද? යන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විසින් පත්කරගත්,මැතිවරණය කල්දැමිම සදහා කුප්‍රකට මෙහෙයුමක ක්‍රියාත්මක ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කිරිමට බලා සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් ජනාධිපතිවරයාට ඉකුත් 25 වැනි දා ඉල්ලා අස්වීමේ ලිපියක් යොමුකර තිබු අතර එම ඉල්ලා අස්වීම පිළිගන්නවා ද?නැද්ද? යන කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙතෙක් තීරණය කර නෑ. ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග උපුටා දක්වන අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ මැතිවරණය කල්දැමිමට අදාළව සමාජිකයන් කිහිප දෙනෙකුවත් ඉවත්විය යුතු බැවින් ඒ වනතුරු ජනාධිපතිවරයා කල්මරමින් සිටින බවයි.එක් අයෙකුගේ ඉල්ලිමක් පිලිගතහොත් එය ආණ්ඩුවේ අවශ්‍යතාවක් මත සිදුවුවක් ලෙස ජනතාවට හැඟීයන හෙයින් මේ අකාරයට කල්මරමින් සිටි.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක වූ එස්.එස්.චාල්ස්ගෙ ඉල්ලා අස්විම පිලිගතහොත් කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යාව හතරක් දක්වා පහත වැටෙනු ඇත.කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවද සදහන් කර තිබේ.

චාල්ස්ගේ ඉවත්වීම ගැන සැකයි

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්. චාල්ස්ගේ ඉවත්වීම සැක සහිත බැවින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව හරහා මීට කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පෙන්වා දෙනවා.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක හා මහ මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් පවතින මොහොතක ඇයගේ මෙම ඉල්ලා අස්වීම පිටුපස යම් කුමන්ත්‍රණකාර් වැඩපිළිවෙළ ක් ඇද්දැයි සැක හිතෙන බැවින් මීට වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි ඔහුගේ අදහස වි ඇත්තේ.

“විශේෂයෙන් මැතිවරණ කොමිසමට පැවරී තිබෙන ප්‍රධානතම රාජකාරිය තමයි මැතිවරණ පැවැත්වීම. මාස් පතා හෝ අවුරුදු පතා මැතිවරණය තියන්නේ නෑ.ඔවුන් මහජන මුදලින් සියලු වරප්‍රසාද ලබාගෙනයි කටයුතු කරන්නෙ. ඒ වගේම අපේ දේශපාලනයේ කාලාන්තරයක් තිස්සේ මෙම ආයතනය තුළ පැවැති පක්ෂග්‍රාහී බව වෙනස් කිරීමේ අරමුණින් තමයි කොමිෂන් සභාව පිහිටුවූයේ. එයින් පත්වන අයට කවර දේශපාලන අරමුණක් හෝ පක්ෂග්‍රාහී බවක් තිබුණත් මේ ආයතන ස්වාධීන කිර්ම වෙනුවෙන් ජනතාවගේ තිබෙන මහත් බලාපොරොත්තුවලට ඔවුන් වග විය යුතුයි. ඒ සඳහා රජයේ හා වෙනත් ක්ෂේත්‍රවල යම් අත්දැකීම් සහිත පුද්ගලයන් විශ්වාසයකින් යුතුව කොමිෂන් සභාවලට පත් කරනවා. නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ ඇතැම් සාමාජිකයන්ගේ හැසිරීම, වගකීම හා ජනතාව වෙනුවෙන් විය යුතු වගවීම වෙනුවෙන් කටයුතු කරනවාට වඩා යම් දේශපාලන අරමුණුවලට යට වන බව පේනවා.”

“පසුගියදා කොමිෂන් සභාවෙන් ඉල්ලා අස් වූ චාල්ස් මහත්මියගේ ක්‍රියා කලාපයත් මුළුමනින්ම සැකසහිතයි. මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී සහ ආණ්ඩුව මැතිවරණය කල් දාන්න කුමන්ත්‍රණය කරන මොහොතක ඇය ඉල්ලා අස්වීම බරපතළ සැකයට තුඩු දෙන්නක්. ඒ නිසා වහාම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව හරහා මැදිහත්වී ඊට කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස අප ඉල්ලා සිටිනවා”

මරණ තර්ජන පසුපස ආණ්ඩුවේ බළල් අත්!

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ්ට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට දුරකථනයෙන් ඊයේ (27) රාත්‍රියේ මරණ තර්ජන එල්ල කර තිබේ.එමෙන්ම මීට පෙර මරණ තර්ජන එල්ල වු එස්.බී. දිවාරත්නට ද කෙටි පණිවිඩයක් ඔස්සේ යළිත් වරක් මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.ස්.බී. දිවාරත්නට හා කේ.පී.පී. පතිරණට තමන් දරන ධුරවලින් ඉවත් වන ලෙසට මරණ තර්ජන එල්ල කර තිබුණේ පසුගිය 18 වැනිදා වුවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් සිදුනොවන බවයි අප දේශපාලන වාර්තාකරු පෙන්වා දුන්නේ. ඒ අනුව අදාළ මරණ තර්ජනයන් ආණ්ඩුව දැනුවත්ව සිදුවන් ඒව බවට ඔහු සැක පලකර සිටි.

හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීම!

අදාළ මරණ තර්ජන එල්ල කිරිම පසුපස ආණ්ඩුවේ බළල් අත් ක්‍රියාත්මක බව තහවුරු විමට අදාළ හේතු රැසක් අප සතුව ඇති අතර ඉතාම ආසන්න හේතුවක් ලෙස පෙනෙන්නට ඇත්තේ මැතිවරණයක් පැවැත්විමට මේ අවස්ථාවේ අකමැතිම මෙන්ම බයට පත් කණ්ඩායම් මේ ආණ්ඩුව නියෝජනය කිරිමයි.එනම් රාජපක්ෂලා ප්‍රමුඛ නිළකාස හොරු මෙන්ම කිසිදු ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහය. අනිත් අතර එම මරණ තර්ජන කරමින් පැමිණෙන දුරකතන ඇමතුම් වල ගැබ්බ ඇති තර්ජනයන්නය.

මැකොස සමාජික කේ.පී.පී. පතිරණට ඇමතුමක් දෙන තර්ජකයා පවසන්නේ

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රට කෑවා…. දැන් මේ රනිල් වික්‍රමසිංහත් රට කනවා … දැන් ඔයා හදන්නේ මැතිවරණ තියලා රට කන්නද?”

තර්ජකයාගේ එම කොටසම ප්‍රමාණවත් වන්නේ ඒ හරහා හොරාට කලින් කෙසෙල් කැන වැට පැන ඇති බැවිනි.

එසේනම් මැතිවරණය කල්දමා රාජපක්ෂලා රැකගැනිම සදහා කැසකන රනිල් වික්‍රමසිංහ සහ කුප්‍රකට ව්‍යාපාරික වළල්ලේ එකම අරමුණ වි ඇත්තේ මැකොස ගණපූරණය අහිමි කිරිමද?

ඉල්ලා අස්වීම් නිසා මැකොස අඩපන වේවිද යන්න ජනතාව තුල සැක මතුව තිබේ. මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට තිදෙනකු අනිවාර්ය විම මතය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ව්‍යවස්ථාවට අනුව!

104.(1). කොමිෂන් සභාවේ රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුත්තේය.

(2) (අ) කොමිෂන් සභාවේ සභාපතිවරයා කොමිෂන් සභාවේ රැස්වීම්වල මුලසුන දැරිය යුත්තේය. සභාපතිවරයා කොමිෂන් සභාවේ යම් රැස්වීමකට පැමිණ නොසිටියහොත් පැමිණ සිටින සාමාජිකයන් විසින් ඔවුන් අතුරෙන් තෝරා පත්කර ගන්නා සාමාජිකයකු විසින් ඒ රැස්වීමේ මුලසුන දැරිය යුත්තේය .

(ආ) කොමිෂන් සභාවේ තීරණ ,ඒ ඒ තීරණ ගනු ලබන රැස්වීමට පැමිණ ඡන්දය දෙන්නා වූ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් ගනු ලැබිය යුතු අතර, යම් හෙයකින් සම සමව ඡන්දය ලැබුණු අවස්ථාවකදී ඒ රැස්වීමේ සභාපතිවරයාට තීරක ඡන්දයක් තිබිය යුත්තේය .

(3) කොමිෂන් සභාවේ සාමාජිකත්වයේ යම් පුරප්පාඩුවක් තිබුණද. ඒ නොතකා ක්‍රියාකිරීමට කොමිෂන් සභාවට බලය ඇත්තේය. එවැනි පුරප්පාඩුවක් තිබූ පමණින්ම හෝ යම් සාමාජිකයකු පත්කිරීමෙහි ලා දෝෂයක් තිබූ පමණින් ම , කොමිෂන් සභාවේ යම් ක්‍රියාවක් හෝ කටයුත්තක් හෝ තීරණයක් නිර්බල නොවන්නේය.නිර්බල වන්නේයයි නොසැලකිය යුත්තේය.