counter hit xanga
March 26, 2023

මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට මරණ තර්ජන

Last Updated on January 28, 2023 by Dheerasinghe

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට ඊයේ (27) රාත්‍රියේ දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබේ.එමෙන්ම මීට පෙර මරණ තර්ජන එල්ල වු එස්.බී. දිවාරත්න මහතාට ද කෙටි පණිවිඩයක් ඔස්සේ යළි මරණ තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වෙයි.

මේ වනවිට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිදුවීම් පිළිබඳව විමර්ශන ද ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳව ඔවුන් දෙදෙනා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ එකම දුරකථන අංකයක් මගින් මෙම තර්ජන එල්ල කර ඇති බවයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවපවසයි. 

එහි සභාපති , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ , එලෙස නිල වශයෙන් දැනුම් දුන් පසු ඉදිරි ක්‍රියාමාර්ගගනු ලබන බවයි

එමෙන්ම තමන් වෙත ද ඉල්ලා අස්වීම පිළිබඳ නිල වශයෙන් දැනුම්දීමක්  නොකළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේසභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.  

ඔහු ඒ බව කියා සිටියේ පී.එස්.එම්. චාල්ස් මහත්මිය පසුගියදා කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළ වූවාර්තාවලට පිළිතුරු ලබා දෙමින්

මේ
අතර මැතිවරණ
 කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇති බවට මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි. 

එහි සභාපති , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ , එලෙස නිල වශයෙන් දැනුම් දුන් පසු ඉදිරි  ක්‍රියාමාර්ග ගනු ලබන බවයි

එමෙන්ම තමන් වෙත  ඉල්ලා අස්වීම පිළිබඳ නිල වශයෙන් දැනුම්දීමක්  නොකළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේසභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.  

ඔහු  බව කියා සිටියේ පී.එස්.එම්. චාල්ස් මහත්මිය පසුගියදා කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළ වූ වාර්තාවලට පිළිතුරු ලබා දෙමින්