counter hit xanga

මුළු රටම වහන්නේ නෑ … COVID පරදන සටන ජනතා වගකීමට පවරයි!

Last Updated on May 2, 2021 by Desman Chathuranga

කොවිඩ් වෛරස පැතිරීම පාලනය සඳහා ඇති විසඳුම මුළු රටම එකවර හුදකලා කිරීම නොව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ස්වයංවාරණයක් යටතේ කටයුතු කිරීමට ජනතාවට වගකීම පැවරීම බව ජාතික කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය ඒකමතික තීරණයකට පැමිණ තිබේ. විවිධ කල්ලි,කණ්ඩායම් රට වසා දැමිය යුතු බවට සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් සලකා බැලු කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය මෙම එකමතික තින්දුව ගෙන තිබේ.

ඒ අනුව කුමන තත්ත්වයක් යටතේ වුව සම්පූර්ණයෙන් රටම වසා දැමීමක් සිදු නොකිරීමට තින්දු කල කාර්ය සාධක බළකාය රෝගීන් වැඩිපුර හමුවන ප‍්‍රදේශ පමණක් හුදකලා කිරීම සහ ජනතාව වැඩිපුර රැස්වන අවස්ථා පාලනය කිරීමටද තීරණය කර තිබේ.

එසේම පවතින වසංගත තත්ත්වය හමුවේ රජයෙන් නීති පනවන තුරු බලා නොසිට කොරෝනා ආසාදිතයන් නොවී සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රම අනුගමනය කර අත්‍යවශ්‍ය කටයුතු හැර අනෙකුත් සංචරණයන් සීමා කරගනිමින් ස්වයං වාරණයක් පනවා ගැනීමේ වගකීම ජනතාව වෙත භාර කිරීමටද ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමටද බලකාය තීරණය කර තිබේ.

රටේ සියලූ දෙනා අත්‍යවශ්‍ය කටයුත්කට හැර නගර අතර ගමන් කිරීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් පියවරක් වනු ඇත.මේ වන විට පවතින ප‍්‍රබල වසංගත තත්ත්වයට එක් ප‍්‍රධානතම සාධකයක් වී තිබෙන්නේ රටේ පුරවැසියන් අනවශ්‍ය සංචරණයන් සිදු කිරිම බව පැහැදිලිව පෙනී ගොස් තිබේ.ඒ අනුව වැඩකට නැති ගමන් යැමෙන් වැලකි සිටිම කොරෝනා වසංගත පැතිර යැම වැලැක්වීමට අවශ්‍ය පළමු පියවර වේ.

පසුගිය දින කිහිපයේම විවිධ වෛද්‍ය සංගම් සහ සෞඛ්‍යයට සම්බන්ධ සංවිධාන සහ විපක්ෂයේ බහුතරයගේ මතය වි තිබුනේ වහාම් රටම වසා දැමිය යුතු යන මතයයි. ඔහුන්ගේ එම මතය සමාජ ජාළා හරහා රටේ ජනතාවට විවිධ ආකාරයෙන් කාන්දු කිරිමට ඔහුන් කටයුතු කල අතර ඊට අමතරව ඇදිරි නීතිය සම්බන්ධයෙන් අසත්‍ය පුවත්ද සමාජ මාධ්‍ය තුල පලකරන්නට විය. රටම වසා දැමිම හරහා විපක්ෂය ඇතුලු ඔහුන්ගේ රූකඩ බලාපොරොත්තු වුයේ මොනවාද අමුතුවෙන් කිවයුතු නැත. කොහොම වුනත් රටේ ජනතාව ගැන ආදරයක් නම් ඒ තුල නැති බව රටේ බහුතර ජනතාව හොදින්ම දනී.

ජාතික කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය එකමතිකව තින්දුවක් ගැනිම ගැන සතුටු විය යුතුය.රට දින 14ක් වැසිය හැක,මාසයක් වැසිය හැක නමුත් ජනතාව තමන්ගේ වගකිම් හදුනා ගන්නා තුරු වෛරස මාරයා පරාජය කිරිමට හැකියාවක් නැත. ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් කොරෝන මාරයා පැරදවුයේ වගකිම් සහිතව කටයුතු කිරිමේනි.

ඉන්දියාව අද ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින්නේ වගකිම් විරහිත භාවය නිසාය. දැන් ඇත්තේ ජනතාවගේ වාරයයි. ඒ වෙන කිසිවක් නොව වගකිම් සහිතව කටයුතු කිරිමය. වගකිම් කඩන අය ගැන ආරක්ෂක අංශ බලාගනු ඇත. සෞඛ්‍ය අංශ ප්‍රතිකාර කරනු ඇත. එන්නත් කරණයට කරනු ඇත. ඒ සියල්ලම රජය විසින් නිරික්ෂණය කරනු ඇත. COVID පරදවන ගමන්ම වගකිම් යනු මොනවාද සහ එවා ඉටු කරන්නේ කෙසේද යන්න ඉගෙන ගැනිමටද සමස්ත ජාතියටම අවස්ථාව උදා වි තිබේ.