counter hit xanga

Passport ගන්නවා නම් මෙන්න විදිය!

Last Updated on June 25, 2021 by Desman Chathuranga

Department of Immigration & Emigration ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය කාර්යාල සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමන කරමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන විගමන පාලක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ඒ අනුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කාර්යාලවලට පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ ඇමතීමෙන් දිනයන් වෙන්කරගත හැකිය.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් එක්දින සහ සාමාන්‍ය සේවා සඳහා 0707101060 හෝ 0707101070 යන දුරකථනවලට ඇමතීමෙන් දිනය වෙන්කර ගත හැකිය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාතර, වවුනියාව, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල ද විවෘතව පවතින බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ආසනන්තම කාර්යාලයට දිනයක් වෙනකර ගැනීමෙන් අනතුරුව පැමිණිය යුතු බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසයි.

CamScanner 06-25-2021 10.04
CamScanner 06-25-2021 10.04
CamScanner 06-25-2021 10.04