Last Updated on May 3, 2021 by Desman Chathuranga
පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ධම්මික බණ්ඩාර නැමැත්තෙකු විසින් සකස් කළ ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සිදුකල සායනික පරීක්ෂණය අනුව එය නුසුදුසු බවයි තහවුරු කර ඇත්තේ.
පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් 68 දෙනෙකුට එම පැණිය ලබා දී නිරීක්ෂණය කර ඇති අතර එහෙත් එයින් කොවිඩ් රෝගීන්ට සුව වීමක් දක්නට නොලැබුණු බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සේනක පිලපිටිය ප්‍රකාශ කර තිබේ.
ධම්මික පැණිය වතුපිටිවල මූලික රෝහලේ රෝගීන්ට ලබා දීමේදී 100% ක් ප්‍රතිඵල ලැබුණු බවට මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලැබුන අතර ඒ හේතුවෙන් ජනතාව විශාල වශයෙන් පැණීය මිළදි ගැනිමට පෙළැඹී අතර ඒ හේතුවෙන් කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමද ඉහල ගියා.
කෙසේවෙතත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුව ලබාදුන් අනුමැතියකට අනුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඇතුලු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසකට ලබා ගැනීමත් සමඟ සායනික පරීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණි.
[url=http://cheapdrugs.store/#]best ed pill[/url]
stromectol price usa stromectol for sale stromectol 12 mg tablets