counter hit xanga

ඔබටත් මේ වගේ ඇමතුමක් ලැබුනද?

මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට පොලිස් දෙපාර්තමේන්තුව හදිසි දැනුම්දීමක් සිදුකර සිටින බවයි.

Last Updated on June 19, 2021 by Desman Chathuranga

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳ විමර්ශනය නොකර සිටීමට නම් යම් මුදලක් තැන්පත් කරන ලෙසත් තර්ජනය කරමින් දුරකතන ඇමතුම් ලබාදි මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට පොලිස් දෙපාර්තමේන්තුව හදිසි දැනුම්දීමක් සිදුකර සිටින බවයි.

නිවසේ ඇති ස්ථාවර දුරකථන වෙත ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිස් නිලධාරින් බව පවසමින් වංචනිකයින් විසින් එම දුරකථන ඇමතුම් ලබා දී ඇති බවද අනාවරණය වි තිබේ.

මුලාකරුවන් විවිධ උපක්‍රම යොදා ගනිමින් මුදල් වංචා සිදුකරන බවත් එම ක්‍රම කුමක්දැයි කියා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට පැහැදිලි කළා.