Last Updated on April 23, 2021 by Panduka Herath
අභ්‍යන්තර අර්බුද හේතු කොට ගනිමින් කණ්ඩායම් කිහිපයක් මගින් හිමිකම් කියනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සිය අර්බුද විසදා ගැනිමට කටයුතු නොකරන්නේ නම් අර්බුද විසදා ගන්නා තුරු අක්‍රීයව තැබිමට මැතිවරණ කොමිෂන් සභාව (Election Commission) තිරණය කර තිබේ. එවැනි පක්ෂ මැතිවරණයකදි ඉදිරිපත් කරන නාමයෝජනා පිළිනොගැනිමට කොමිෂන් සභාව තිරණයක් ගෙන තිබේ.
ඊයේ (22) රැස්වු කොමිෂන් සභා රැස්විමේදි මෙම තින්දු ගෙන තිබේ.
අභ්‍යන්තර අර්බුද හේතු කොට ගනිමින් කණ්ඩායම් කිහිපයක් මගින් හිමිකම් කියනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සිය අර්බුද විසදා ගැනිමට හෝ මැතිවරණ අවස්ථාවකදි අදාළ කණ්ඩායම් කැදවා තොරතුරු විමර්ශන කොට පක්ෂයේ නිල කණ්ඩායම පිලිගැනිමට කටයුතු කලයුතු බවත් එසේ අර්බුද විසදා ගැනිමට අපොහොසත් වන වන පක්ෂ අර්බුද විසදා ගන්නා තුරු අක්‍රීයව තැබිමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබේ. එවැනි පක්ෂ වලට නාමයෝජනා ඉදිරිපත් කිරිමට හැකියාවක් නොමැති බවයි එම කොමිෂම පෙන්වා දෙන්නේ.
මිට අමතරව පිලිගත් දේශපාලන පක්ෂ 4ක් ගිණුම් වාර්තා නියමිත වකවානුව තුල ලබාදිමට අසත්මත්ව ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා. එයින් පක්ෂ 2ක් කල ඉල්ලිමකට අනුව සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇති අතර අනෙකුත් පක්ෂ දෙක වගකිම් පැහැර හැරිම හේතුවෙන් මිළග කොමිෂන් සභා රැස්විමේදි එම පක්ෂ 2ක සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.
ලංකාවේ ප්‍රධාන විපක්ෂ අයත් පක්ෂය ඇතුලු සුළු පක්ෂ රැසක මේ වනවිටත් හිමිකම් අර්බුද රැසක් ඇති ආතර ඇතැම් හිමිකම් අර්බුද වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගද ගෙන තිබේ.
More Stories
Disconnect between Ranil’s premiership and sovereign people
මම අනුර කුමාර දිසානායක නම් …
Inflation is not the problem, but the solution!