counter hit xanga
October 22, 2021

කොරෝනා මර්දණය ගැන පක්ෂ නායකයන් අගමැති සමග සාකච්ඡාවක!

Last Updated on May 12, 2021 by Panduka Herath

කොවිඩ් ආසාධිත රෝගීන්ට ඇතිවිය හැකි දුෂ්කරතා මගහැරීම පිළිබඳව ද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයෝ සිය අවධානය යොමුකර තිබේ.කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ දී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

රජය මේ වනවිට කොවිඩ් වසංගතය පැතිරයාම පාලනය කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවරයන් මෙහි දී පක්ෂ නායකයන්ගේ අවධානයට ලක් වූ අතර අනාගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ඒ ඒ ප්‍රදේශවල අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එන්නත්කරන වැඩපිළිවෙල සාර්ථක අයුරින් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවෙදි පෙන්වා දුන්නේ.

මෙයට අමතරව කොවිඩ් ආසාධිත රෝගීන්ට ඇතිවිය හැකි දුෂ්කරතා මගහැරීම පිළිබඳව ද පක්ෂ නායකයෝ මෙහි දී අවධානය යොමු කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණ විසින් කොවිඩ් ආසාධිතයන්ගේ පිහිටට ක්‍රියාත්මක කරන දින 10න් ඇඳන් 10000ක් සකස් කොට ප්‍රතිකාර මධ්‍යස්ථානවල භාරදීමේ ව්‍යාපෘතිය මෙහි පැමිණ පක්ෂ නායකයන්ගේ ඇගයීමට ලක්විය.

අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ දේශ විමුක්ති ජනතා පක්ෂයේ උප සභාපති ගලගම ධම්මරංසි හිමි,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහ ලේකම් සාගර කාරියවසම්, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ, ශ්‍රි ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න, එක්සත් මහජන පක්ෂයේ ලේකම් ටිරාන් අලස්, ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්.එම් අතාවුල්ලාහ්, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන,සී.බී රත්නායක, එස්.එම් චන්ද්‍රසේන,ප්‍රසන්න රණතුංග,රොෂාන් රණසිංහ යන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියහ.