counter hit xanga
March 26, 2023

ඉන්දිය මානුෂිය ආධාර වතුකරයේ අඩු අදායම්ලාභි පවුල් වෙත බෙදා හරි!

Last Updated on June 2, 2022 by Desman Chathuranga

ඉන්දියානු රජයෙන් මෙරටට පරිත්‍යාග කල මානුෂිය ආධාර ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඩු අදායම් ලාභි පවුල් වෙත බෙදා හැරිම හැටන් දුම්රිය ස්ථානයේදි ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේගේ ප්‍රධානත්වයෙන් හැටන් දුම්රිය ස්ථානයේදි (02) දින සිදු කෙරිණ.

කොළඹ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා පළමු අදිරය යටතේ කිලෝ 10 සහල් මළු 22500 ක් ලැබුණු බවත්,එම සහල් තොගය ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා වසම් 67 ක පවුල් 23350කට බෙදා හරින බවයි ප්‍රාදේශිය ලේකම්වරිය කියා සිටියේ.

මෙම මානුෂිය ආධාර වතු ආශ්‍රිත සහ ග්‍රාමිය අඩු අදායම් ලාභින්ට බෙදා හැරිමේදි දේශපාලන අධිකාරියේ කිසිදු බලපැමක් තමන්ට නොලැබුණු බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරිය මෙහිදි පැවසිය.