counter hit xanga
March 26, 2023

නුවරඑලියට එන්න එපා!

Last Updated on April 24, 2021 by Desman Chathuranga

සති අන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලියට පැමිණිමෙන් වැලකි සිටින්නේ නම් කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම තරමක් අඩු බව නුවරඑලිය දිස්ත්‍රික් කොරොනා මර්ධන කමිටුවේ සභාපති සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පවසයි.

නුවරඑලිය වසන්ත උදානයට පසුගිය දින කිහිප තුල දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටි බවත්, එසේ පැමිණි පිරිසකට සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකම (23) දින වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති නිසා සතිඅන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලිය දිස්ත්‍රික්කයට පැමිණිමෙන් වැලකි සිටිමට හැකිනම් එය වෛරය පැතිර යාම අවම කිරිමට උපකාරි වන බව නුවරඑලිය දිස්ත්‍රික් කොරොන මර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා දේශිය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියි.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් නන්දන ගලබොඩ මහතා කියා සිටින්නේ සති අන්ත දිර්ඝ නිවාඩුව නුවරඑලියේ ගත කිරිම සදහා මේ වන විටත් දේශිය සංචාරකයන් විශාල පිරිසක් සංචාරක නිකේතන සහ හෝටල් කාමර වෙන් කරගෙන ඇති බවයි.

නුවරඑලිය නගරයෙන් , වලපනේ ප්‍රදේශයෙන් සහ හැටන් යන ප්‍රදේශවලින් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල පිරිසක් හමු වි ඇති බවත්, ස්ථාන කිහිපයකම අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණ සිදු කරන බවත්, නුවරඑලිය දිස්ත්‍රික් කොරොන මර්ධන කමිටුවේ සභාපති සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසිය.

රංජිත් රාජපක්ෂ-හැටන්