counter hit xanga
March 26, 2023

වසංගතය විකුණන් කන එවුන්ට හසුවෙන්න එපා!

Last Updated on May 23, 2021 by Desman Chathuranga

වසංගතයට මුවාවෙමින් විපක්ෂයේ මඩ කණ්ඩායම් රජයේ සෞඛ්‍ය වැඩපිළිවෙළ කඩාකප්පල් කිරිමට ගන්නා උත්සහයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම භාවිතා කර ව්‍යාජ පුවත් මවමින් රෝහල්වලට අවශ්‍ය උපකරණ යැයි සදහන් කළ ව්‍යාජ ලැයිස්තු ඉදිරිපත්කර ආධාර ලබාදෙන ලෙස ඉල්ලා කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Sri Lanka Unites නමින් පුද්ගල කණ්ඩායමක් විසින් ව්‍යාජ වෛද්‍ය උපකරණ ලයිස්තුවක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරියගේ නම භාවිතා කර ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ ආධාර ලබාදෙන ලෙස ඉල්ලා කරනු ලබන පුවත සාවද්‍ය බව එම අමාත්‍යාංශය කියා සිටී.

ඒ සදහා මුදල් ආධාර හෝ වෛද්‍ය උපකරණ කිසිසේත් ‘ලබානොදෙන’ ලෙස අමාත්‍යවරිය ඉල්ලා සිටී.

එවැනි ඉල්ලීමක් අමාත්‍යවරිය විසින් ඔවුන්ගෙන් සිදුකර නොමැති අතර මේ පිළිබදව විමසා බැලීමට ඔවුන් ප්‍රසිද්ධ කර ඇති දුරකතන ඔස්සේ කිහිප විටක් උත්සාහ ගනු ලැබුවද සම්බන්ධ කර ගැනීමට නොහැකිවි ඇත.

කොවිඩ් රෝගය වැළදුනු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇතුලුව රෝහලට කඩිනමින් අවශ්‍යව ඇති වෛද්‍ය උපකරණ ලබාදීමට එක්වන්නැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා දානපතියන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විවිධ ආයතන හා පුද්ගලයින් විසින් සිය දායකත්වය ලබාදීම පිළිබදව අමාත්‍යවරිය ඔවුන්වෙත සිය කෘතවේදීත්වය පුදකර සිටී.

එහෙත් මේ මොහොතේ අවශ්‍ය වන්නේ පුද්ගල නාම ප්‍රවර්ධනය හෝ ආයතන ප්‍රවර්ධනය නොව අවශ්‍යතාවට සරිලන වෛද්‍ය උපකරණ ලබාදීම පමණක් වන බැවින් අදාල රෝහල් විමසා අවශ්‍යතාවට පමණක් සරිලන උපකරණ පරිත්‍යාග කිරීම ප්‍රමාණවත් බව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.

ඒ සදහා තමාගේ නාමය යොදාගැනීම අවශ්‍ය නොවන බවත් තමන් සිදුකරනු ලැබුවේ දෙස් විදෙස් දානපතියන්ගේ අවදානය ඒ වෙත යොමු කිරීම පමණක් බව අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කර සිටී.