counter hit xanga
October 21, 2021

ලුනු ගැන කියන කටකතා වලට රැවටෙන්න එපා!

Last Updated on May 31, 2021 by Panduka Herath

X-Press Pearl නෞකාවේ ගිනී ගැනිම් හරහා මුහුදු ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු විම හේතුවෙන් රටේ ලුනු හිඟයක් කිසිවිටක ඇතිවන බවට ඇතැමුන් සිදුකරන අසත්‍ය ප්‍රචාර හම්බන්තොට ලංකා ලුනු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා ප්‍රතික්ෂ්ප කර තිබේ. ලුනු සමාගමේ සභාපතිවරයා සදහන් කළේ නෞකාවේ ගිනී ගැනිම මෙරට ලුනු නිෂ්පාදනයට එය කිසිම බාධාවක් නොවන බවයි.

නෞකාවේ ගිනී ගැනිම් හරහා මුහුදු ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වුවත් මෙරට ලුනු නිෂ්පාදනයට එය කිසිම බාධාවක් නොවන බවත් රටේ ලුනු හිඟයක් කිසිවිටක ඇති නොවන බවත් ඒ මහතා සහතික කර සිටි.

මුහුදු ජලයට කවර දෑ එකතු වුවත් ලුනු නිෂ්පාදනයට එය බාධා නොවන බවත් නැව මුහුදු බත් වීම හා ගිනි ගැනීම හේතුවෙන් කවර රසායනික දව්‍යයක් මුහුදු ජලයට එකතු වුවත් ලුනු නිෂ්පාදයේ දී අධික තාපය යොදා සිදු කරන වාෂ්පී කරනයෙන් එම සියළුම අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය සියල්ල ඉවත් කරන බව ද සභාපතිවරයා පෙන්වා දෙනවා.

ඉතිරි වන සෝඩ්යම් ක්ලෝරයිඩ් (NaCl) පමනක් මගින් ලුනු නිෂාපදනයට යොදා ගන්නා අතර මුහුදු ජලයේ විවිධ ද්‍රවය අඩංගු වි තිබෙන බවත් ඒ සියල්ලම නිස්සාරනය කිරීමට වාෂ්පී කරනයෙන් හැකියාව ඇති බැවින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කිසිවක් එහි අන්තර් ගතවන්නේ නැහැ.