Last Updated on June 7, 2021 by Panduka Herath
අදියර හතරකින් රටේ පාසල් නැවත විවෘත කිරීම පිළිබඳව සමාජ මාධ්‍යවල පැතිර යන පුවත ව්‍යාජ එකක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා සදහන් කළේ එවැනි ප්‍රකාශයක් අමාත්‍යාංශය විසින් සිදු කර නොමැති බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශය උපුටා දක්වමින් මෙවැනි ව්‍යාජ ප්රවෘත්ති ප්‍රචාරය කිරීම හෙළාදකින ඒ මහතා සදහන් කළේ “වසංගත තත්ත්වයක් රට තුළ ව්‍යාප්ත වී ඇති අතර එවැනි ප්රවෘත්ති පළ කිරීමෙන් විනෝද වීමට කාලය මෙය නොවේ”
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල ප්රවෘත්ති මත පමණක් විශ්වාසය තබන ලෙස ලේකම්වරයා මහජනතාවට තරයේ අවවාදයක්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාජනතාවට කර සිටියා.
මෙවැනි ව්‍යාජ ප්රවෘත්ති සමාජ මාධ්‍යවල ප්‍රචාරය කිරීමට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් ඔහුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ලේකම්වරයා අවධාරණයි කර සිටියා.
More Stories
රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!
Jagath Alwis’ letter to CJ: BASL concerned
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!