counter hit xanga
March 26, 2023

ළමා මන්දපෝෂණය ගැන කතා කිරීමේ ‘වරදට’ වැඩ තහනම් කළ වෛද්‍ය චමල් සංජීව ශ්‍රේෂ්ඨාධිකරණයට

Last Updated on November 22, 2022 by Lankae Cast

# වහාම අධ්‍යාපන සුදුසුකම්වලට ගැළපෙන තනතුරක පිහිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.

# ඇමැති කෙහෙළිය, සෞඛ්‍ය ලේකම් ඇතුළු සෞඛ්‍ය ලොක්කන් 25 කගෙන් ලක්ෂ 1000 ක වන්දියක් ඉල්ලයි.

# පරිපාලන කටයුතු වලට බාධා කළ සෞඛ්‍ය පරිපාලකයන් සහ වෘත්තීය සමිති නායකයින්ටත් රතු එළි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වි. වෛද්‍ය ජී ජී චමල් සංජීව ශේෂ්ඨාධිකරණය ට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරමින් වැඩ තහනම් කිරීමට අදාළව රාජ්‍ය සේවා කොමිසන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් අදාල වැඩ තරම් කිරිමි නියෝග කර දෙන ලෙස ඉල්ලා සිටින ලදී.

මෙයට අමතරව තමාගේ මූලික අයිතිවාසිකම් කඩවීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 25 කට ආසන්න ප්‍රමාණයකින් රුපියල් ලක්ෂ 1000 ක වන්දි මුදලක් ද ඉල්ලා ඇත. මේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරිවරයෙකු දෙපාර්තමේන්තුවකට විරුද්ධව පණවා ඇති විශාලතම වන්දි මුදල ඉල්ලා සිටිමෙ නඩුව ලෙසට අධිකරණය ඉතිහාසයට එක්වනු ඇත.

පසුගිය සැප්තැම්බර් මාසයේ දහනම වන රජයේ නිවාඩු දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් ආශ්‍රය කොට හා සිවිල් අයිතිවාසිකම් ගැන වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරමින් වෛද්‍ය චමල් සංජීව විසින් සිදු කරනු ලැබූ මාධ්‍ය ප්‍රකාශයක් පදනම් කොට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා ඔහුගේ වැඩ තහනම් කිරීමට ලක් කරන ලදී. රටේ පිළිගත් වෘත්තීය සමිති ව්‍යාපාරයක නායකයෙකු ලෙස ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පුද්ගලයින්ට පවතින භාෂණය අයිතියද ආයතන සංග්‍රහය කින් සීමා කළ නොහැකි බවට වෛද්‍ය චමල් සංජිවගේ නීතිඥයින් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

රටපුරා බොහෝ රාජ්‍ය නිලධාරීන් නිහඬව සිටිය දී රටේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් වෛද්‍ය චමල් සංජීව විසින් සිදු කළ හෙළිදරව්වට අනතුරුව රජය දීප ව්‍යාප්ත වශයෙන් මන්දපෝෂණය මැඩපැවැත්වීම සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ අතර මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500 ක ට ආසන්න මුදලක් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට සහන ලබා දීමට වෙන් කොට ඇත. එසේම පසුගියදා යුනිසෙෆ් වාර්තා කළේ දරුවන් අතර 50000 ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල, ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අසෙල ගුණවර්ධන, සුනිල් ද අල්විස්, ලාල් පනාපිටිය, සුදත් රත්නවීර, ලොෂිණී පීරිස්, වසන්ත කුලතිලක, ජනක සුගතදාස, කලු කපු ආරච්චි ඇතුළු නිලධාරීන් විස්සකට අධික ප්‍රමාණයක් ද නීතිපතිවරයාද මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇත.

වෛද්‍ය චමල් සංජීව වෙනුවෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ දී ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, කනීල් මද්දුමගෙ, මනොජ් නානායක්කාර, අමිල මහඑගොඩවත්ත ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටීමට නියමිතයි. ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම වෛද්‍ය චමල් සංජීව වෙනුවෙන් ඉදිරිපත් කොට ඇත්තේ නීතිඥ ප්‍රවීන් ප්‍රේමතිලක විසිනි.

නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එම ස්ථානය දී අදහස් දැක්වූ නීතිඥ අමිල මහඑගොඩවත්ත සහ මනෝජ් නානායක්කාර ප්‍රකාශ කළේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය ආයතන වල ඉහළ නිලධාරීන් කටයුතු කළ යුතු බවත් එසේ නොවන අවස්ථාවන් වලදී ඔවුන් අධිකරණය හමුවට කැඳවා ප්‍රශ්න කොට රටේ මහජනතාවට සාධාරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බිහි කිරීම සඳහා තමන් ප්‍රමුඛ නීතිඥ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බවයි.