Last Updated on May 7, 2021 by Desman Chathuranga
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිරගත නොකොට වෘත්තිය පුහුණුවක් ලබාදී රටේ ශ්‍රමදායකත්වයට එක් කරගත යුතු බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරිමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරිම සම්බන්ධව සාකච්ඡාවක් පසුගියදා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදි මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ගෙන තිබේ.
බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ පංචවිධ කරුණු අතර මත් ද්‍රව්‍ය සමාජයෙන් තුරන් කිරිම ප්රමුඛ ගණයේ ලා සැලකෙන අතර ඒ යටතේ මත්ද්‍රව්‍ය රට තුළට ගෙන්වීම නැවැත්වීම, මත් ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම අඩු කිරීම, මත්ද්‍රව්‍ය සඳහා යොමු වූ පුද්ගලයන් බන්ධනාගාරගත කිරිම යන කරුණු හඳුනාගෙන තිබේ. මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම සහ මත්ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම අඩු කිරීම සඳහා මේ වනවිටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි එහිදි අවධාරණය කර වි ඇත්තේ.
මෙම සාකච්ඡාවෙදි වඩාත් අවධානය යොමු වූයේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් සිරගත නොකොට පුනරුත්ථාපනය කර වෘත්තීය පුහුණුවක් ලබාදෙමින් සමාජයට ඵලදායි පුරවැසියන් ලෙස සම්බන්ධ කිරිම පිළිබඳවයි. මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කිරිමේදී ඔවුන් නිදහස් වී එළියට පැමිණෙන විට දරුණු අපරාධකරුවන් වීමත්, වර්තමානයේ 40% ක් අපරාධකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වීමත්, රටේ ශ්‍රමදායකත්වයට එම පිරිසේ දායකත්වය අහිමි වී යාමත් යන කාරණා මත මෙම පිරිස් පුනරුත්ථාපනය කිරිම ප්‍රධාන අරමුණ වේ.
මෙහිදී අපේක්ෂිත ව්‍යාපෘති සැලැස්මක් ඉදිරිපත් කළ අතර, එහිදී බන්ධනාගාරගත කළ යුතු, සමාජගත කළ යුතු හා වෙනත් නේවාසිකව පුනරුත්ථාපනය කළ යුතු අයවලුන් ලෙස මෙම ව්‍යාපෘති සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු බව යෝජනා වි තිබේ.
එහිදී වෘත්තීය පුහුණුව, සමාජගත කිරීම හා පසුවිපරම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ද ඉදිරිපත් වු අතර මෙම සැලැස්ම සඳහා විධායක හා කළමනාකරණ කමිටු පත් කළ අතර, ඊට අදාළ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා විවිධ ආයතන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් එය නිර්මාණය කිරීමට තීරණය විය.
මෙම කටයුතු සඳහා ස්ථාන හඳුනාගැනීම, ප්‍රතිකාර පාඨමාලාවක්, වෘත්තීය පුහුණුව, ආරක්ෂාව, සමාජගතවීම, හා පසුවිපරම යන කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.එසේම දිගුකාලීන හා කෙටිකාලීන ඇබ්බැහිවූවන් ලෙස වර්ගීකරණය කළ යුතු බවත් බොහෝවිට අදාළ අයවලුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා වන පරිදි සිදු කළ යුතු බව online වැනි තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් උපදේශන සේවා සැපයීම සම්බන්ධවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් වි තිබේ.
මෙම අවස්ථාවේදී තරුණ හා ක්‍රීඩා අමාත්‍යශය මගින් අවශ්‍ය ස්ථානීය පහසුකම් ලබාදීමට පොරොන්දු වූ අතර උපදේශකයන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමත් සිදු විය යුතු බවට යෝජනා විය.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන අමාත්‍යවරුන් ද මීට අනුබද්ධිත විවිධ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් පිරිසක් ද සහභාගි විය.
google south africa cialis cialis professionals
ivermectin pills canada buy ivermectin online
cialis fastest shipping buy tadalafil
bootleg cialis generic version of cialis
https://cipro.best/# ciprofloxacin 500 mg tablet price
https://gabapentin.icu/# cheap neurontin
https://gabapentin.icu/# neurontin 300 mg caps
stromectol 3mg tablets generic ivermectin