counter hit xanga
March 26, 2023

නිශාරා,දුමින්ද යුග දිවියට?

Last Updated on May 1, 2022 by Desman Chathuranga

නීතිපති සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කල අධිනීතිඥ නිශාරා ජයරත්න,මිනිමැරුම් නඩුවකට වරදකරු වි මරණ දඩුවම් ලබමින් සිටියදි ජනාධිපති සමාව ලබා නිදහස් වු දුමින්ද සිල්වා සමග විවාහය විමේ සුදානමක් තිබේන බවට තොරතුරු අනාවරණය වි ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරනවා. ඒ අනුව දුමින්ද සිල්වාගේ සහ නිශාරාගේ දෙමාපියන්ගේ විවාහයට කැමැත්ත ලැබී තිබේන බවත් විවාහ උත්සවය 2022 ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවද ඔහු සදහන් කළා.

අධිනීතිඥ නිශාරා ජයරත්න නීතිපති දෙපාර්තමේන්තුව තුළ දැරූ නීතිපති සම්බන්ධීකරණ නිලධාරී ධූරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළ මතභේදාත්මක තත්ත්වයක් ඇතිවු අතර ඒ නිසාම ඈය එම තනතුරින් ඉවත් විමට කටයුතු කළා.ඒ නීතිපති සම්බන්ධීකරණ නිලධාරී ධූරය දප්පුල ද ලිවේරාගේ පෞද්ගලික සම්බන්ධකම් මත ව්‍යාජ ආකාරයට නිර්මාණය කරන ලද තනතුරක් ලෙස නීතිපති දෙපාර්මේන්තුව අභ්‍යන්තරයෙන්ම ප්‍රකාශ වීම හේතුකොටගෙනය.

නීතිපති ධූරයෙන් සමු ගත් දප්පුල ද ලිවේරා මහතා සිය ප්‍රසිද්ධිය තකා නිර්මාණය කරන ලද නිතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර නීතිපති කාර්ය මණ්ඩල තනතුරක් නොවීම නිසා එම ධූරය ස්වභාවිකවම බල රහිත විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවෙනි අදියරයේදී ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළේය. එවක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය.

2011 ඔක්තෝම්බර් 08 වෙනිදා, පළාත් පාලන ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේය.භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.

දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ 2021 (ජුනි 24) නිදහස් කෙරිණි.පසුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්විම ලැබු අතර මේ මේ දක්වා ඔහු සිය තනතුරේ කටයුතු කරමින් සිටි.

-දේශපාලන වාර්තාකරු –