counter hit xanga
October 22, 2021

දුමින්ද සිල්වා නිදහස්!

මරණීය දණ්ඩනය නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ අද උදෑසන නිදහස්

Last Updated on June 24, 2021 by Panduka Herath

මරණීය දණ්ඩනය නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ අද උදෑසන නිදහස් කළ බව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 94 දෙනෙක් ජනපති පොදු සමාව යටතේ අද  නිදහස ලැබූහ. දුමින්ද සිල්වා මහතා සිටින්නේ ද මෙ සිරකරුවන් අතර බවයි ඔහු සදහන් කළේ.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධියට අදාළව දුමින්ද සිල්වා මහතාට මරණීය දණ්ඩනය නියම වූයේ ඉකුත් 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 08 වැනිදාය.

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.

එහිදී, බහුතර විනිසුරු මඬුල්ල තීන්දුව දෙමින් කියා සිටියේ, විත්තිකාර දුමින්ද සිල්වා කලක පටන් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග අමනාපයකින් පසුවූ බව පැහැදිලි බව බවය.

පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට පැනවූ මරණීය දණ්ඩනනියෝගය අහෝසි කර සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා සහ තවත් සිව් දෙනෙකු අභියාචනා පෙත්සම් ඉදිරිපත් කල අතර එම අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2017 වසරේ නොවැම්බර් 27 වෙනිදා තීරණය කළ අතර, එම පෙත්සම් විභාගය 2018 වසරේ මාර්තු මස 29 දින පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී ආරම්භ විය.

පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය බ්‍රහස්පතින්දා 2018 ඔක් 11 තහවුරු කර සිටියා.

2004 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වු දුමින්ද සිල්වා හිරූ මාධ්‍ය ජාලයටද හිමිකම් කියන අයෙකු වේ.

පසුව දුමින්දට එල්ලවු අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විනය පරීක්ෂණයක් ආරම්භ කල අතර ඒ හෙතුවෙන් දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂය අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු වුනා. ඒ 2007 වසරේදීය.

Duminda Silva released!