Last Updated on May 22, 2021 by Panduka Herath
චීන රජයේ අරමුදලින් නිම කරන ලද නීතිපති දෙපාර්තමේන්තුවේ E-Library පරිශ්‍රයේ සමරු ඵළකයේ දෙමළ භාෂාව සටහන් නොවිම හේතුවෙන් එය ඉවත් කර වෙනත් ඵලකයක් ස්ථාපනය කිරිමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය අලී සබ්‍රි මහතා පවසයි.මේ වනවිටත් අදාල සමරූ ඵලකය ඉවත්කර කිරිමට කටයුතු කර තිබේ.
චීන රජයේ අරමුදලින් නිම කරන ලද නීතිපති දෙපාර්තමේන්තුවේ ඊ පුස්තකාල පරිශ්‍රයේ සමරු ඵළකයේ දෙමළ භාෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇති වු අතර මේ සම්බන්ධයෙන් මෙරට බොහෝ පිරිස් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව භාෂා අයිතිවාසිකම මුල් කරගනෙයි.
පසුගිය 19දා විවෘත කරන ලද ඊ පුස්තකාල පරිශ්‍රයේ නිම කර ඇති ඵළකයේ රාජ්‍ය භාෂාවන් වන සිංහල හා ඉංග්‍රීසි ඇතුළත්ව තිබුණද දෙමළ භාෂාව ඇතුළත්ව තිබුනේ නෑ. මේ සම්බන්ධයෙන් රජය නියෝජනයි කරන දමිළ මන්ත්‍රීවරුන් ද රජයේ අවධානය යොමුකර තිබුනා.
මේ සම්බන්ධයෙන් නීතිපති සම්බන්ධීකාරක නිශාර ජයරත්න මෙනවිය සදහන් කර සිටියේ අතපසු විමකින් දෙමළ භාෂාව එම ඵළකයේ සටහන් කිරීමට නොහැකි වී ඇති අතර දෙමළ සටහන ද සහිත නව සමරු ඵළකයක් ඒ සඳහා යෙදීමට පියවර ගෙන ඇති බවයි.
මාධ්‍යවේදි රංග ශ්‍රීලාල් සිය twitter ගිණුමේ සටහනක් යොදා සදහන් කර ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් නීතිපති සම්බන්ධීකාරක නිශාර ජයරත්න මෙනවියගෙන් කල විමසිමේදි “රෙද්ද ඉවත් කරන අවස්ථාව වන තෙක් යට තිබූ දෙය නීතිපතිවරයා කලින් දැක නොතිබුණු බව ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරිය පැවසීය” බවය.
රෙද්ද ඉවත් කරන අවස්ථාව වන තෙක් යට තිබූ දෙය නීතිපතිවරයා කලින් දැක නොතිබුණු බව ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරිය පැවසීය
— Ranga Sirilal (@rangaba) May 22, 2021
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්ස් එල්ල වූ විවේචන හමුවේ චීන තානාපති කාර්යාලය twitter සටහනක් තබා තිබේ.
It's an internal E-Library in the AG's Department, funded by the Government and People of China. Chinese language is diplayed as a kind gesture towards China, which is highly appreciated.
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) May 21, 2021
http://buystromectolon.com/ – stromectol tablets buy
[url=http://cheapdrugs.store/#]herbal ed treatment[/url]
trusted online canadian pharmacy reviews canada rx drugs online ordering prescription drugs from canada