Last Updated on May 19, 2021 by Panduka Herath
පාස්කු ඉරුදින ප්‍රහාරයේ චූදිතයන් තිස් දෙනෙකුට එරෙහිව නඩු නවයක් පවරා ඇති බවත් අනෙකුත් චූදිතයන්ට ද කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දි අද (19) අනාවරණය කළා.
නඩු පැවරීම තරමක් ප්‍රමාද වන්නේ ඊට අදාළ විමර්ශන සූක්ෂමව කළයුතු නිසා යැයි ද එ සියල්ලම ඉතාමත් විධිමත්ව සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින, ‘ඒ’ කාණ්ඩයේ සැකරුවන් 42 දෙනෙකු සම්බන්ධයෙන් සාක්ෂි සහ තවත් සැකකරුවන් 05 දෙනෙකුට එරෙහි විමර්ශන පිළිබඳව විමර්ශන අසම්පූර්ණ බව පවසමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයා වෙත යොමුකල ලිපිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මේ හරහා පැහැදිලි කිරිමක් කළා.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න