counter hit xanga
March 26, 2023

තමිල්නාඩුව සටන අරඹයි! ඊලමට බලය ඉල්ලයි!

තමිල්නාඩු ධීවරයින්ගේ සාම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරිම සහ කච්චිතෙව් නැවත ලබා ගැනීම සඳහා වූ ඉල්ලීම ගැන ද ඒ හරහා අවධාරණය කර තිබේ

Last Updated on June 21, 2021 by Desman Chathuranga

තමිල්නාඩු මහඇමති M.K. Stalin මහතා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රධාන විපක්ෂයේ නායිකා හමුවි ඊලාම් දෙමළ ජනතාවට සමානාත්මතාවය ඉල්ලා තිබේ.

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ප්‍රධාන විපක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි සහ තවත් දෙමළ නායකයන් කිහිප දෙනෙකුම මුණ ගැසි ඇති අතර එහිදි ස්ටාලින් සදහන් කර ඇත්තේ “ඊලාම් ද්‍රවිඩයන්ට සමාන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් තිබිය යුතුයි”යනුවෙනි.

යුරෝපා කවුන්සිලයෙන් සම්බාධක සහ GSP+ වෙළඳ ගිවිසුම් අවලංගු කිරිමේ යෝජනාව,එක්සත් ජනපද කොංග්‍රසයට Deborah Ross ගෙන ආ ශ්‍රි ලංකාවට එරෙහි යෝජනාව,වගවීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණය, සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡාවට ගෙන තිබේ.

මේ අතර එම හමුවේදි ස්ටාලින් විසින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සංදේශයක් භාර දි ඇති අතර එහි අංක 12 යටතේ සදහන් කර ඇත්තේ Sri lanka Tamils Issue, Eelam Tamils to have equal civil and political rights යනුවෙනි.

මේ අතර තමිල්නාඩුවට වැඩි ස්වාධීනත්වයක් ලබා දීම සඳහා චෙන්නායි හි ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රාදේශීය ශාඛාවක් පිහිටුවීම,දෙමළ භාෂාව ඉන්දියාවේ නිල භාෂාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ මහාධිකරණයේ දෙමළ භාවිතය,පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකවල කාන්තාවන් සඳහා 33% වෙන් කිරීම,ඉල්ලීම් අතර තිරුකුරල් ජාතික සාහිත්‍යය ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ චෙන්නායි හි දෙමළ මධ්‍යම ආයතනයේ පුනර්ජීවනයක් ඇති කිරිම වැනි ඉල්ලිම් කිහිපයක් එහි ඇතුලත් වේ.

තමිල්නාඩු ධීවරයින්ගේ සාම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරිම සහ කච්චිතෙව් නැවත ලබා ගැනීම සඳහා වූ ඉල්ලීම ගැන ද ඒ හරහා අවධාරණය කර තිබේ.කච්චතීව් යනු 1974 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නාවික ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාවට භාර දුන් දූපතකි.