counter hit xanga
March 28, 2023

මැතිවරණයට තට්ටු කරන්න සුදානමක්! පොහොට්ටුවේ ප්‍රසාදය 20% බහී!

Last Updated on December 10, 2022 by Desman Chathuranga

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාරවරයා ලෙස පෙනී සිටින බැසිල් රාජපක්ෂ සහ පොහොටුවේ මන්ත්‍රීවරුන් විසින් පත්කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර අතර රහසිගත හමුවක් පවත්වා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. එම අවස්ථාවට සජිත් ඉත්තේකු ලෙස භාවිතාක් රන පොලිස් අමාත්‍ය ටිරාන්ද එක්ව සිට තිබේ. එහිදි මුලිකම සාකච්ඡාව බවට පත්ව ඇත්තේ කිසියම් තාක්ෂණික ගැටලුවක් මතුකර ගනිමින් මැතිරණය කල් දැමිම හැකියාවක් තිබේද යන්නයි.

පාර්ලිමේන්තු මැතිවරණයක්!

සාකච්ඡාවට ලක්ව ඇති අනිකුත් කරුණ නම් ණය අර්බුදය තවත් උග්‍ර විමට පෙර මහ මැතිවරණය මුලින් පවත්වා කෙසේ හෝ එහි බලය අල්ලා ගැනිම සම්බන්ධයෙනි. යම් හෙයකින් මහා මැතිවරණයක් පැවැත්විමට හැකියාවක් ලැබුන හොත් පාර්ලිමේන්තුව තුල කිසිවෙකුටත් බහුතර බලයක් නොලැබෙනු ඇති බවත් ඒ හරහා රටේ ප්‍රශ්ණ විසදිම සදහා පාර්ලිමේන්තුව තුල සන්ධාන ගොඩනැගිමට හැකි වනු ඇති බවයි.

නමුත් ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව එලවා දැමිමෙන් පසුව පුරප්පාඩු වූ තනතුරට රනිල් වික්‍රමසිංහ පත්වී ඇති බැවින් ඔහුට 2024 නොවැම්බර් මස වන තෙක් ජනපතිවරණයක් පැවැත්වීය නොහැක. එහෙත් ජනපතිවරයාට 2023 පෙබරවාරි මාසයට පසුව මහ මැතිවරණයක් කැඳවීමේ බලය හිමිවෙයි.

තත්ත්වය එසේ තිබියදි ශ්‍රී ලංකාවේ මැතිවරණ න්‍යායපත්‍රයට අනුව මේ වන විට කල් ඉකුත්වී ඇති පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය මුලින්ම පැවැත්විය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා සදහන් කර ඇත්තේ.2022 12 08 දින රැස්වු මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ කොට්ධාස සදහා තොරාගැනිමට නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාවද අති විශේෂ ගැසට්ටුව මගින් නිකුත් කර තිබුනා. ගැසට්ටුව පහලින් බලන්න,

2022 12 08 දින රැස්වු මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව 26වන වගන්තී ප්‍රකාරව නාමයෝජනා මේ මස අවසන් සතියේ කැදවන බවට නිවේදනය කර තිබුනා.2023 වසරේ පෙබරවාරි අග හෝ මාර්තු මස මුළ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම නිවේදනයට ආසන්නතම හේතුව වි තිබුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදප ප්‍රමුඛ ණය දෙන ආයතනය රටේ ජනමතය විමසීමකින් තොරව ණය ලබාදිම ප්‍රතික්ෂෙප කර තිබිමයි.

බලය ගිලිහී යන පොහොට්ටුව…..

කෙසේවෙතත් අදාල නිවේදනයෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය සහිත මෙන්ම පළාත් පාලන ආයතන බහුතරයක බලය අල්ලාගෙන සිටින ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට එම බලය අහිමිවි යන බව බැසිල් පෙන්ව දි තිබේ.

2018 වසරේදි පළාත් පාලන ආයතන 239 ක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්කරගත් අතර ඒ දිවයිනේ පළාත් පාලන ආයතන 340 ක් අතුරිනි.ඒ, ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 45.31% ක ප්‍රතිශයක්.එවකට සජිත්-රනිල් සහිත එක්සත් ජාතික පක්ෂයට ආයතන 42 ක බලය හිමි වූ අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි ආයතන 38 ක බලය හිමිකර ගත්තා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූයේ ආයතන 7 ක බලය පමණයි. ඊට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 03ක ද ලංකා කම්කරු කොංග්‍රසයට ආයතන 04 ක ද බලය හිමිකර ගත්තා.

පළාත් පාලන ආයතන 340 ක් සදහා සභිකයින් 8325 ක් තෝරාපත්කර ගැනීම වෙනුවෙන් ඊයේ පැවැති ඡන්ද විමසීමේදී සමස්ත ඡන්ද හතලිස් නව ලක්ෂ 66,203ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිම ආයතන සංඛ්‍යාවක බලය තහවුරු කර ගැනිමට සමත් වුණා.

එම වසරේ මැතිරණය සදහා බැසිල් තාක්ෂණික යෙදුම් කිහිපයක්ම භාවිතා කල අතර් ඒ හරහා ලබාගත් දත්ත මෙම ජයග්‍රහණය සදහා සaජුවම බලපෑම් එල්ල කලා. කෙසේවෙතත් මේ වනවිට එම යෙදුම් භාවිතය සියයට 5 දක්වා පහත වැටි ඇති අතර ප්‍රදේශීය මට්ටමේ ඒ සදහා දායකත්ව දුන් තරුණ,තරුණීයන් එම වැඩසටහන්ද අත්හැර දමා තිබේ.අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ බත්තරමුල්ලේ සිට ඒ සියල්ලම මෙහෙයවු තරුණයන්ද මේ වනවිට පක්ෂය අතරහැර ගොස් ඇති බවයි.

ඒ අනුව බැසිල්ගේ පිළේ ඡන්ද විශ්ලේෂණයට අනුව කවර අකාරයට මැතිවරණය පැවැත්වුවද සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියට 20 ඉක්මවා යැම පහසු නොවන බවයි.