Last Updated on January 7, 2023 by Desman Chathuranga
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේ දී නිවැරදි නීතිමය ක්‍රමවේද මැතිවරණ කොමිසම අනුගමනය කර නොමැතිනම් මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තැන්පත් කරන ලද ඇප මුදල් කොමිසමේ සාමාජිකයන්ට පෞද්ගලික මුදලින් ගෙවීමට සිදු වන බව නීති විශාරදයින් ආණ්ඩුවට දැනුම් දී තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (05) හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ද මේ ගැන ඔවුන්ගෙන් විමසා ඇත.
මැතිවරණයට අදාලව නාම යෝජනා කැඳවීමට ප්‍රථම මැතිවරණ කොමිසම මගින් අදාළ සියලු පාර්ශව කැදවා සාකච්ඡා කළ යුතුව ඇත. තේරිම් භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවා සාකච්ඡා කිරීමකින් තොරව මැතිවරණයට අදාළ කිසිදු නිවේදනයක් නිකුත් කළ නොහැකි බව නීති විශාරදයන් ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ .
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?