counter hit xanga
March 28, 2023

රජයේ පච ප්‍රවෘත්ති අධ්‍යක්ෂට කොමිසමෙන් කනේ පහරක්!

Last Updated on January 30, 2023 by Desman Chathuranga

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය පිළිබඳ විශේෂ නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

“මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමු කර නොමැති බවට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයන් නිකුත් කර තිබේ.

එහි සදහන් වන්නේ රාජ්‍ය නිළධාරියෙකු විසින් සිදුකර තිබේන ප්‍රකාශය වගකිම් විරහිත ප්‍රකාශයක් බවත් එය දඩුවම් ලැබිය හැකි වරදක් බවත් පෙන්වා දෙන කොමිසම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා තම නොදැනුවත් භාවයද පෙන්වා තිබෙන බවයි. අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ගත හැකී නීතිමය ක්‍රියාමාර්ග පිළිබදවද ‌කොමිසමේ අවධානය යොමුව තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ. ඒ අනුව දේශපාලන බැදිම් මත අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ව්‍යවස්ථාපිත වරදක් කර තිබේන බව මේ වනවිට තහවුරු වි තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර තිබේන නිවේදනය පහත දැක්වේ.