counter hit xanga
October 21, 2021

විදුලිබල මණ්ඩලය පාඩුව සියයට 49කින් බස්සයි!

Last Updated on May 15, 2021 by Panduka Herath

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ (2021) මුල් කාර්තුවේ රුපියල් කෝටි 892ක පාඩුවක් ලබා තිබුනද මේ වසරේ පාඩුව සියයට 49.01කින් අඩු කර ගැනිමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ interim financial statements වාර්තාවට අනුව විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස තුනේ දී ලැබූ ආදායම රුපියල් කෝටි 59,748,044ක් වන අතර විකුණුම් වියදම රුපියල් කෝටි 6,604,669 කි.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ (2021) මුල් මාස තුනේදි රුපියල් කෝටි 8,924,045ක පාඩුවක් ලබා තිබේන බව අදාළ වාර්තාවේ දක්වා ඇති අතර එය 2020 වසරේ එම කාර්තුවේ ලැබු පාඩුවෙන් සියයට 49.27ක ප්‍රමාණයක් දක්වා පහත දැමිමකි. 2020 වසරේ එම කාර්තුවේම ලබා ඇති පාඩුව කෝටි 17,590,805කි.

ඒ අනුව 2020 වසරේ දී මණ්ඩලය ලැබූ පාඩුවට සාපේක්ෂව මේ වසරේ පාඩුව සියයට 49.27 කින් අඩු කරගෙන තිබේ.

අදාළ සම්පූර්ණ වාර්තාව කියවිමට මෙතනින් පිවිසෙන්න – interim financial statements 2021