counter hit xanga
March 26, 2023

මාස හතරක් ඇතුළත එන විදුලි අර්බුදය!

Last Updated on October 1, 2022 by Desman Chathuranga

පුනර්ජනනීය බලශක්ති උත්පාදන ක්ෂේත්‍රයේ ගැටලු බලධාරීන් විසින් විසඳා නොගතහොත් ඉදිරි මාස හතර ඇතුළත දී විශාල විදුලි අර්බුදයකට රට මුහුණ දෙන බව පුනර්ජනනීය විදුලිබල ප්‍රවර්ධකයින්ගේ සංගමය පෙන්වා දෙනවා.පුනර්ජනනීය විදුලිබල ප්‍රවර්ධකයින්ගේ සංගමයේ විධායක කමිටු සභික ප්‍රභාත් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ විදුලි කප්පාදුවට හේතුව කුඩා පරිමාණ විදුලි බල කර්මාන්තය කඩාවැටීම හේතු වි ඇති බවයි.

මේ අතර විදුලි ගාස්තු නැවත වතාවක් සංශෝධනයකට ලක්වීමට ඉඩ ඇති බවත් එම සංගමයේ සමාජිකයන් පෙන්වා දෙනවා.

  ''කුඩා පරිමාණ විදුලි බලාගාර වලින් විතරක් නිපදවන පුනර්ජනනීය විදුලිබලයෙන් අවුරුද්දකදී ජනනය කරන විදුලිය ප්‍රමාණය වික්ටොරියා සහ රන්දෙණිගල විදුලි බලාගාර වලින් ජනනය කරන විදුලි ප්‍රමාණයට වඩා විශාලයි.

2015 පස්සේ විදුලි බල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රටට අහිමි වෙලා තියෙන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 833 ක්.

කුඩා පරිමාණ විදුලි බලාගාර වලින් මෙගාවොට් 200 ක් හෝ 300 ක් ජාතික පද්ධතියට එකතු කළානම් දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව අඩු කිරීමට හැකියාව තිබ්බා. නමුත් විදුලිබල මණ්ඩලය විදුලි බල පනතේ තියෙන කොමාවක් භාවිතා කරලා මේක නතර කරලා තියෙනවා.

පුනර්ජනනීය විදුලිබල ප්‍රවර්ධකයින්ට ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 109 ක් පමණයි. ඒකත් ගෙවලා නෑ මාස 10 කින්. බැංකු පද්ධතිය කුඩා පරිමාණ විදුලි බලාගාර ව්‍යාපෘතිවලට මුදල් දෙන් නැති එකත් විශාල ගැටලුවක් වෙලා තියෙනවා.”