counter hit xanga

හදිසි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්!

අමාත්‍යංශවල ඇමැතිවරුන්ගේ විෂය පථයයන් ස්ථිර ලෙසව වෙනස් වන බවද එම ආරංචී මාර්ගය සදහන් කරනවා.

Last Updated on June 18, 2021 by Desman Chathuranga

පවතින කොරෝනා තත්ත්වය පාලනය කරගත හැකි වූ වහාම නියත වශයෙන්ම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන බව ජනාධිපති ගෝඨාභය මහතා පවසා තිබේ. ජනාධිපතිවරයාගේ සමීපතම විශ්වාසයවන්ත ආරංචී මාර්ගයක් අමාත්‍ය මණ්ඩල සංශෝධනය තහවුරු කර සිටියා.

මේ වන විට අමාත්‍යංශ ගණනාවක් පිළිබඳව තියුණු විවේචනයන් පවතින බවත් එම අමාත්‍යංශවල ඇමැතිවරුන්ගේ විෂය පථයයන් ස්ථිර ලෙසව වෙනස් වන බවද එම ආරංචී මාර්ගය සදහන් කරනවා.

පසුගිය කාලය තුළ සෞඛ්‍ය, ප‍්‍රවාහන, වෙළෙඳ, සංචාරක, නීතිය හා සාමය, සංචාරක අමාත්‍යාංශවලට බරපතල විවේචන එල්ල වූ අතර මේ පිළිබඳව ආණ්ඩු පක්ෂය තුළම විවිධ මතබේද ඇතිවී තිබුණ බව නොරහසකි.

රජයේ ජනප‍්‍රිය භාවය අභියෝගයට ලක්වීමට ඇතැම් ඇමැතිවරුන්ගේ ක‍්‍රියා කලාපයද හේතුවූ බවත් ඒ හේතුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකිරිම හරහා එම වැරදි නිවැරදි කල යුතු බවත් ඉහලම තැන්වල මතය වි තිබෙ.